කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදි අද පස්වරුවේ පැවති බැංකුවේ විශේෂ මහ සභා රැස්විමේදි මෙම අනුමැතිය හිමිව ඇත.
කෙසේවෙතත්,කොටස් බලපත්‍ර සදහා සියයට 98 ක අනුමැතියද ලැබි ඇත.
සියයට 60 කට අධික මහජන හිමිකමක් ඇති මෙම සමාගමේ අදාල ඇමෙරිකාණු ආයෝජන මුදල් ලබන සතිය පමණ වන විට මෙරටට ලැබේ තැයි මෙහිදි අනාවරණය වි ඇති අතර මේ අනුව නව ව්‍යාපාර පවරා ගැනිම් හා අත්පත් කර ගැනිම් සමගින් ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ ප්‍රධාන විධායක නිළධාරිවරයාගේ නව නායකත්වයෙන් බැංකුවේ ඉදිරි ගමන සිදු වනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාශය පළ කරති.
අපගේ පසුගිය පුවත
(www.randora.lk-29/08/2014)- කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් නියෝජනය ඇති නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අවම 05 ක් හා නව ප්‍රධාන විධාකයෙකු යටතේ කොළඹ යුනියන් බැංකුව ඇමෙරිකාණු TPG Capital අනුබද්ධ විදේශ සමාගමක් ලෙස රුපියල් බිලියන 16.3 ක ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් යටතේ කළ එළි බැසිමේ සියළු කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදු වෙමින් පවතින බව මහ බැංකු ආරංච් මාර්ග රන්දොරට අද පැවසිය.
TPG Capital නව ආයෝජනය හරහා අලුතින් ප්‍රාග්ධනයට එක්වන රුපියල් බිලියන 15 ක මුදල පදනම් කර ස්වකිය මුල්‍ය සේවා අනිකුත් බැංකු හා මුල්‍ය සමාලම් ව්‍යාපාර පවරාගැනිමේ හා අත්පත් කර ගැනිමේ ක්‍රියාදාමයක් ඔස්සේ පුළුල් කිරිම සමිබන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවද පැවසිය.
මේ අනුව මේ වන විට වයස අවුරුදු 60 ඉක්මවා සේවා දිගුවක් ලබා දි ඇති ප්‍රධාන විධායක අනිල් අමරසුරිය මහතා මේ වසරේ ඉදිරි මාස කිහිපය ඇතුළත ස්වකිය ධුරයට සමුදිමට යන බවත් ඒ වෙනුවට නව පාලනාධිකාරියේද අනුමැතිය ඇති සුදුසු දේශිය ප්‍රධාන විධාකයෙකු මේ සදහා පත් කිරිමටද බැංකුව අවධානය යොමු කර ඇති බවත් මෙම වාර්තා කියයි.
දැනට 13 ක් වන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සංයුතියේ කිහිපදෙනෙකු නව පාලනාධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල පුටු 05 කට අවස්ථාව ලබා දි ඉවත්ව යාමට නියමිත බවත් තවදුරටත් බැංකුවේ සභාපති අලෙක්ස් ලොවෙල් මහතා බැංකුවේ සභාපති ලෙස කටයුතු කරිමට නියමිත බවත් මෙම වාර්තා සදහන් කළේය. කෙසේවෙතත්, TPG Capital සමග නව ආයෝජනයේ ඉදිරි කටයුතු මනාව සංව්ධානය කර ගැනිමට පහසු වන පිණිස හෙතෙම මෙරට අනිකුත් සමාගම් වල දරණ නිලතල වලින් ඉවත්ව යාම සමිබන්ධයෙන්ද මේ වන විට මහ බැංකුව වෙත අදහස් පළ කර ඇති බවද මහ බැංකු වාර්තා සනාථ කළේය.
මේ අතරේ,මෙරට සිදු කරන විශාලතම ඇමෙරිකාණු ආයෝජනය සිදු කරමින් කොළඹ යුනියන් බැකුවේ සියයට 70 දක්වා ප්‍රමාණයක් රුපියල් බිලියන 15 ක (ඩොලර් මිලියන 117) ආයෝජනයකින් අත්පත් කර ගැනිමට කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ පැමිණ ඇති එකඟතාවයකට අදාලව කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනිම සදහා වු විශේෂ මහ සභා රැස්විමක් ලබන සැප්තැම්බර් 17 දා සවස 02 ට කොළඹ පදනම් ආයතනයේදි පැවැත්විමට බැංකුව කටයුතු යොදා ඇත.
මෙහිදි ,බැංකුවේ සියයට 79 ක කොටස් අයිතියකට හිමිකම් කියන මුල් පෙලේ කොටස් කරුවන් 20 දෙනා හැරුණු විට තවත් සුළු කොටස් හිමියන් 35,000 ක් පමණ ස්වකිය ඡන්ද වරම මෙම නව ආයෝජනය සමිබන්ධයෙන් ප්‍රකාශ කිරිමට නියමිත අතර මේ අනුව අදාල රැස්විමේදි මේ සදහා ඉහළ අනුමැතියක් ලබා ගැනිමේ අපේක්ෂාවෙන් බැංකුවේ පාලනාධිකාරිය කටයුතු කරනු ඇති බවද සදහන්ය.
වාර්තාවන අන්දමට බැංකුවේ දැනට කොටස් හිමි අයගෙන් සියයට 60 කට අධික හිමිකම් ඇති පිරිසක් ස්වකිය හිමිකම අනිවාර්ය අර්පණයේදි නොවිකුණා දිගු කාලිනව පවත්වා ගැනිමට මේ වන විට වාචික එකඟත්වයකට පැමිණ ඇති බවද සදහන්ය.
මේ අතරේ, සියයට 18.5 ක ඉහළම කොටස් කරුවා වන මැලේසියාවේ Genting Berhad සමුහයට අයත් Vista Knowledge ,සියයට 7.5 ක් හිමි සමිපත් බැංකුව හා ඇසෝසියෙටඩ් ඉලෙක්ට්‍රක්ලස්,සියයට 6.7ක් ඇති සිලෙක්ට් ගේන් සහ සියයට 6.5 ක් ඇති සභාපති අලෙක්ස් ලොවෙල්ද වන බව සදහන්ය.
රුපියල් බිලියන 100 කට වඩා අඩු වත්කම් පදනමක් ඇති බැංකු ඒකාබද්ධ කිරිමට දිරි දිමේ මහ බැංකු යෝජනාවලට අදාලව මෙම නව ආයෝජනය යුනියන් බැංකුව වෙත සිදු කරන බව කොටස් කරුවන් වෙත ලිපියක් යවමින් යුනියන් බැංකුව කියයි.
2015 ජනවාරි 01 දා සිට වාණිජ බැංකු අවම ප්‍රාග්ධන සිමාව රුපියල් බිලියන 05 දක්වාද 2016 එදින සිට රුපියල් බිලියන 10 දක්වාද වැඩි කරන ලෙස මහ බැංකුව මේ වන විට බැංකු අංශයට කරුණු දක්වා ඇත
මේ අනුව පසුගිය ජුනි 30 වන විට යුනියන් බැංකුවේ මුළු වත්කම් ප්‍රමානය රුපියල් බිලියන 36.5 ක් වු අතරේ මුළු හිමිකම රුපියල් බිලියන 5.3 ක් විය.
පවතිනා මෙම තත්ත්වය මත කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් වෙත පුද්ගලික කොටස් නිකුතුවක් හරහා කොටසක් රුපියල් 15.30 බැගින් ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් මිලියන 742.1 නිකුත් කිරිමට බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මුදල් මණ්ඩලයේ අනුමැතිය පරිදි කටයුතු කරමින් ඇති අතරේ ඒ අනුව,කොටසක් රුපියල් 15.30 බැගින් මෙම නිකුතුව සිදු කිරිමට නියමිතය.
මෙම නිකුතුවත් සමගින් බැංකුවේ ලයිස්තුගත ප්‍රාග්ධනය රුපියල් බිලියන 4.9 සිට රුපියල් බිලියන 16.3 දක්වා ඉහළ යාමට නියමිතය.මෙය 2016 වන විට මහ බැංකුව නයම කර ඇති අවම ප්‍රාග්ධන සිමා ඉක්මවා යාමක් බව සදහන්ය.
මෙම කොටස් බැංකුවේ මුළු ලයිස්තුගත ප්‍රාග්ධනයෙන් සියයට 68 කට සමාන වන අතර අදාල කොටස් සෘජුවම කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගතවන බවත් සදහන්ය.
මෙම නිකුතුවෙන් පසු යුනියන් බැංකුවේ මුළු මහජන කොටස් හිමිකම සියයට 29.9 ක් වන බවද කියයි.
මෙයට අමතරව වසර 06 ක කල් පිරිමේ පදනමකින් රුපියල් 16 ක නිර්දේශිත මිලකට කොටස් බලපත්‍ර මිලියන 218.2 ක් ද නිකුත් කිරිමට නියමිතය. මෙහිදී, කොටස් බලපත්‍රයක් විකුණන්නේ ශත 0.30 ක මුදලකටයි.මේවා කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත නොවන මුත් අදාල වසර 06 කාලය තුළ පුද්ගලික මටිටමින් හුවමාරු කිරිමට හැකයාව ඇත.අදාල බලපත්‍ර කොටස් කළහොත් සමාගමේ ප්‍රාග්ධනය තවත් රුපියල් බිලියන 3.4 කින් ඉහළ යාමට නියමිතව ඇත.
අනිවාර්ය අර්පණය මගින් තවත් සියයට 02 ක්ද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් නතු කර ගැනිමට නියමිතව ඇත.