කාටවත්ම අනාගතය ගැන 100% නිවැරදි පුරෝකතන දෙන්න බැහැ - කොටස් ගැන එන රිසර්ච් වාර්තා වුනත් එහෙමයි
සමහර වාර්තා සමහර බ්‍රෝකර් වරු දාන්නේ තමන් කලින් අඩු මුදලට එකතු කර ගෙන තියන කොටස් වල මිල වැඩි කරල විකුණලා ලාභයක් ගන්න රිසර්ච් රිපොර්ට් එකේ කරුණු පිළිගන්න පුලුවන් තත්වයේ ඒවා නම් - අපිට තියන අවදානම නම් අඩුයි
සමහර වාර්තා අතිශයෝක්තියෙන් පිරිලා අනික මේ වත්මන් කාර්තුවේ වගේම හෝ ඊට වඩා ලාභ ඊලග කාර්තු වල ලැබෙනවා කියන එක සම්භාවිතාවක් විතරයි
ඒ වගේම සමහර අය රිසර්ච් වාර්තා වලින් මිල පහල ගෙනල්ලා කොටස් එකතු කරගන්න ත් උත්සහ කරනවා
මේ හැම දෙයක්ම අපිට කියන පොදු ඇත්තක් තියනවා
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැ වගේ රිසර්ච් වාර්තා පිළිගත් බ්රෝර්කර් වරුන් ගේ ආයතිනක මට්ටමින් නිකුත් කරාම ඒ ඒ කොටස් ගැන අපි අවධානය යොමු කිරීම වැදගත් බව - අපිට තියන මුදල් සහ ආයෝජන - ණය - ශක්තියන් මත අපි ආයෝජනය කරන්නේ - කොපමණ කාලයකටද කියන එකත් බලලා අපි තිරණ ගත යුතුයි
අපි වෙළදාමට නම් ගන්නේ - ඔය වාර්තා කියන ටාර්ගට් වලට යන්න කොපමණ කාලයක් යනවා ද කියන එක සොයා බලල තීරණ ගන්න එක වැදගත්
අද රුපියල් 100 තියන කොටසක් 1000 වෙනවා කියල කියපු ගමන් ගන්නේ නැතුව වැදගත්ම වෙන්නේ 100- 1000 වෙන්න යන කාලය සොයා බලන එක සහ එම මුදල් එච්චර කාලයක් හිර කරන්න පුලුවන් ද ? එම මුදලින්
එම කාලයේම ඊට වඩා ලභ ගන්න පුලුවන් කොටස් තුඉයනවා ද කියල බලන එකයි ? කාලය ලැබෙන ප්‍රතිලාභය මැනීම වැදගත්
ඒ එක්කම අපේ වර්තමාන මාර්කට් එක වගේ ධනාත්මක මාර්කට් එකක මැද පන්තියේ - ආයෝජකයන් - වෙළෙන්දන් ටාර්ගට් මිල බලල ඒත් ඒ ගැනම නොසිතා 10% 15% වගේ ලාභයක් ලබාගෙන තවත් එකකට මාරු වෙන එක කරන්න පුලුවන් මේ වගේ කාලෙක වැදගත්ම වන්නේ කොටස් වලින් ඉවත් වීමට ගන්නා තීරණය සහ මිල සහ ලාභය
ඒ වගේම වෙළදාමට නම් අපි කොටස් ගන්නේ නොසිතූ ලෙස මිල පහල යද්දි යනවානම් ඒ ගැනත් ඉක්මනට සිතන්න ඔනා -ස්ටොප් ලොස් ක්‍රමයට - 4% 6% 8% වගේ දිගින් දිගටම පහල යනවානම් තමන් ලග තියන කොටස් ප්‍රමාණයම හෝ කොටස් වලඉන් 50% 60% පාඩුවට හරි විකුණා දමල - ධනාත්මකව දුවන ශක්තිමත් කොටස් එකකට දෙකකට ඒ මුදල් දාලා අපට අර කලින් වුනු පාඩුව මකා ගන්න හිතන්න පුලුවන්
අනික අපි හිතන්න ඔනා අනිත් අය කණ්ඩායම් - බ්‍රෝකර් වරුන් කියන්නෙත් මිනිස්සු බව - ඔවුන් ගේ අනාවැකිත් වරදින්න පුලුවන් මයි
ඔවුන්ට බැන බැන ඉන්න එකේ කිසීම තෙරුමක් නැ - ඔවුන් නිසා අපි ලාභ ගත්තු වගත් අමතක කරල අපි බනීන්නේ සමහර වෙලාවට
අපි කරන්න ඔනා හොදට අපිම තනිව හිතලා බලල තිරණ ගන්න එක හැමෝම කියන ලියන දේ අහලා බලලා
ලොකූ ලාබ ලැබෙනවාට කවුද අකමැති ? ඒත් පාඩු ලබන්න කවුද කැමති ?
ඒක නිසා ලොකූ ලාබ වලට නොයා තණ්හාව ටිකක් අඩු කරල 10% 15% ලාබහයක් ආවාම තවත් හොද කොටසකට මාරු වෙලා ඒකෙන් නුත් 10-15% වගේ ලාභයක් අරන් තවත් එකකට මාරු වෙන එක නුවණට හුරුයි
ඔබ දීර්ඝම කාලීන - ආයෝජන නම් කරනේ ලාභන්ශ ආදී වරප්‍රසාද බලාගෙන නම් මේ තත්වය වෙනස් එහෙමනම් කාලයක් තමන්ගේ වැඩක් පාඩුවේ කරගෙන ඉන්න පුලුවන්
නමුත් 2021 මාර්කට් එකේ අලුත් සමාගම් එහෙම ගොඩාක් එන්න පුලුවන් මූලික නව කොටස් නිකුතු වලට සල්ලි තියා ගන්න -අපිට 2021 අවස්තා ගොඩාක් එන්න්න පුලුවන් ඉතිහසා ගත වන වසරක් වේවී - කොළඹ කොටස් වෙළදපලේ අපි හැමෝටම කල්පනාවෙන් ණය පාලනය කරගෙන වැඩේ කරගෙන ගිහින් - ජය ගන්න පුලුවන් වෙයි
50% -60% ආයෝජකයන් වෙලා 50% 40% වෙළදාම් කරල - ජයගන්න පුලුවන් - අනෙක විවිධ වර්ග වල සමාගම් 10-15 කොටස් මිලයට ගන්න එකත් තමන් ගේ මුදල බෙදලා එක එක විදිහේ ආයෝජන කරන එකත් ජයගන්න එක තව ක්‍රමයක් වෙන්න පුලුවන් ..
ආත්ම විශ්වාසය - භය නැතිබව - ලාභ වගේම අලාභ ලබමින් ඉදිරියට නිර්භීත ව යන්න වෙනවා - විශේශයෙන්ම ලාබ තියන කොටස් විකුණන්න නිරිභීත කම ඔනා
බැහැ ගෙන බැහැ ගෙන යනවානම් තමන් ගේ තියන කොටස් කිහිපයක් පොඩි පාඩුවක් එක්ක ඒවා විකුණලා වෙන ඒවා අරන් ලාභ ගන්න උත්සාහ කරන්නත් නිරිභීත කම උවමනා මයි
කියමනක් තියනවා - වාසනාව ප්‍රිය කරනවාඅ නිර්භීත අය ලග ඉන්න එන්න කියලා ... ඔබට ජය