මේ අනුව පසුගියදා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හා එහි රිටෙල් සමාගම විසින් සිදු කළ අනිවාර්ය අර්පණය පරිදි ඔවුන් වෙත මෙම විකුණා දැම්ම Parkson Retail Asia Ltd විසින් සිදු කරන බව මෙම වාර්තා කියයි.මෙම විකුණා දැම්ම මගින් සිංගප්පුරු ඩොලර් 601,000 ක ප්‍රාග්ධන ලාභයක් ලැබෙන බවද සමාගම කියයි.
මෙම ODEL අයිතිය ඔවුන් විසින් මිලදි ගත්තේ 2012 වසරේදිය.
කෙසේවෙතත්,සමුහය අතීතයේ අපේක්ෂා කල පරිදි ඉදිරියේදි තවදුරටත් දකුණු ආසියානු කලාපයේ ස්වකිය කටයුතු ව්‍යාප්ත කිරිමට කටයුතු කරන බවද මෙම වාර්තා කියයි.සිංගප්පුරු ඩොලර් මිලියන 27.6 මෙම විකිණිම හරහා ලැබෙන බවත් අදාල මුදල් සමාගමේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නා බවත් සමාගම කියයි.
පසුගියදා ODEL සියයට 45.16 ක අයිතිය රුපියල් බිලියන 2.6 කට Softlogic Holdings PLC හා එහි ඇඟළුම් හා පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි ජාලය වන Softlogic Retail (Pvt) Ltd විසින් මිලදි ගත් අතර ඒ අනුව අදාල Softlogic සමාගම් දෙක මෙහි කොටස් මිලියන 61.4 ක් හෙවත් සියයට 22.58 ක හිමිකම බැගින් දැන් දරන බව සදහන්ය. නව Parkson හිමිකමත් සමගම මෙහි Softlogic හිමිකම 92.6 දක්වා ඉහළ යාමට නියමිත වුවද ලයිස්තුගත සමාගම් හි අවම සියයට 20 ක මහජන හිමිකම යටතේ අදාල සොෆ්ටිලෝජික් හිමකමේ සංයුතිය කෙසේ වේවිද යන්න විශ්ලේෂකයින් බලා ගෙන සිටි.
ඔටාරා ගුණවර්ධන පසුගිය කාලයේ එම්බාර්ක් නාමය ප්‍රචලිත කිරිම සදහා වැඩ් කාලයක් මිඩංගු කිරිම හරහා සිදු වු ඉපයුම් බිද වැට්ම් හමුවේ ඔඩේල් අධ්යක්ෂ මණ්ඩලයේ විවිධ අර්බුද පැන නැගි තිබිණි.