මෙම නිවේදනයෙන් ඔවුන් දක්වා ඇත්තේ තමන්ගේ මින් ඉදිරියට ණයකර ශ්‍රේණිගත කිරිමේ කටයුතු ලංකා රේටිං විසින් පමණක් සිදු කරන බවයි.
මේ අනුව ඉදිරියේදි ෆීච් රේටිං වෙතින් ස්වකිය ණය ශ්‍රේණිගත කිරිමේ සේවාවන් ඉවත් කර ගැනිමට සෝෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කටයුතු කරමින් පවතින බව සදහන්ය.
මේ අතරේ සෝෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අභ්‍යන්තර ආරංච් මාර්ග පවසන්නේ මේ වසර ඇතුළත දෙවතාවක් තමනගේ ණය ශ්‍රේණිගත කිරිම් පහළ හෙළු බවත් මේ අනුව කිසිදු පුර්ව අනතුරු ඇඟවිම් සිදු නොකර සිදු කරන මෙවැනි ණය ශ්‍රේණිගත කිරිම් පහළ දැම්ම් පිළිබඳව මෙහි පාලනාධිකාරිය නොසතුටින් පසුවන බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් රන්දොරට කරුණු දක්වමින් මධ්‍යස්ථ විචාරකයින් පෙන්වා දුන්නේ සාපේක්ෂව ආයෝජක ඇසකින් බලා ආයෝජක ආරක්ෂාව වෙනුවෙන් ෆීච් රේටිං මෑත කාලයේ ඵලදායි ණය ශ්‍රේණිගත කිරිම් ලබා දුන් බවයි.
මේ අනුව ඔවුන් නොපැකිලිව ජෝන් කීල්ස් වැනි සමාගම් වල ණය ශ්‍රේණිගත කිරිම්ද පහත හෙළමින් කලිනව සුදුසු පියවර ගත් බවද කියයි.
නමුත්,තවත් විචාරකයෙකු පවසා සිටියේ ෆීච් හි ණය ශ්‍රේණිගත කිරිම් ප්‍රායෝගික ව්‍යාපාරික වපසරියෙන් බැහැරව බොහෝ අවස්ථාවන්හිදි න්‍යාය මත පදනම්ව කටයුතු සිදු වන බවත් වේගයෙන් වෙනස් වන ව්‍යාපාරික පරිසරයන් හා සංවේදි වෙමින් ප්‍රායෝගික පදනමින් ණය ශ්‍රේණිගත කිරිම් ලබා දිමට ඔවුන් කටයුතු කළ යුතු බවයි.
කෙසේවෙතත්,ණය ශ්‍රේණිගත කිරිමේ සමාගම් අතරේ ව්‍යාපාරික තරඟයක් ඇතිව්ම ආයෝජකයින්ගේ පැත්තෙන් බලන කල එතරම් සුභදායි නොවන්නේ එවිට ණය ශ්‍රේණිගත කිරිම් වල ගුණත්වයට පහරක් වදින බැවින් බවද ඔහු කීය.
අද මේවා බිස්නස් එකක් වෙලා.මේ ගැන නියාමකයින් අවධියෙන් සිටිය යුතුයි.ඔහු කීය.
ෆීච්,ඉක්රා හා ලංකා රේටිං යන ආයතන වත්මනෙහි මෙරට ණය ශ්‍රේණිගත කිරිමේ කාර්යය සිදු කරයි .
පසුගිය කාලයේ ෆීච් පහළ දැම්ම හමුවේ හේලීස් ,LOLC ,EAP යන ආයතන ලංකා රේටිං වෙතද ලංකා රේටිං පහළ දැම්ම හමුවේ LOLC සහ Nation Lanka ඉක්රා වෙතද ස්වකිය ණය ශ්‍රේණිගත කිරිමේ ආයතනය මෙම සමාගම් මාරු කරනු ලැබුහ