“අපි බලාපොරොත්තු වෙනවා මේ අඩු පොලි ප්රවනතා මැද විටෙන් විට ආයෝජක ලාභ ඉපයිම් හමුවේ බිද වැටෙම්න් වුවද වෙළෙඳ පොළ අඛණ්ඩව ඉදිරියට යාවි කියලා.”,යැයි තැරුවිකරුවෝ විශ්වාශය පළ කරති.
සියළු කොටස් මිල දර්ශකය අද සියයට 0.3 කින් හෝ ඒකක 21.25 කින් ඉහළ යමින් ඒකක 7,205.47, ක් විය.
මේ සදහා මුළිකවම DFCC Bank Plc (gained 2.46 percent at 220.70 rupees,) සහ Lanka Orix Leasing Company Plc (rose 0.94 percent to 86 rupees.) මුළික විය.
අද දින පිරිවැටුම රුපියල් බිලියන 1.6 ක් විය.
සොෆ්ටිලොජික් කැපිටල් ගිවිසගත් ගනු-දෙනුවක්ද සමගින් පිරිවැටුමට රුපියල් මිලියන 357 ක ඉහළම දායකත්වය ලබා දිණි.
විදේශිකයින් රුපියල් මිලියන 112.1 ක කොටස් අද විකුණා තිබිණි.
ආනයන ඉල්ලුම හා රජයේ සුරැකුම්පත් විෂයෙහි සිදු වු විදේශ විකුණුමි මැද ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව රුපියලේ තැන් අගය රුපියල් 130 65/70 මිලකට නියමව තිබිණි.
මේ අනුව විනිමය වෙළෙඳ පොළ ක්රියාකාරිහු දේශිය රුපියල ඉදිරියේදි අවප්රමානය විමක් කෙරෙහි දැන් පුරෝකතනය කිරිමට පටන් ගෙන ඇති අතරේ මේ සදහා කොටස් වෙළෙඳ පොළ මෙන්ම රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළ විදේශ විකුණුම් ඉවහල් වි ඇති බව විනිමය වෙළෙඳ පොළ වාර්තා කියයි.
මේ වන විට රුපියලේ අගය මේ වසරේ අවම අගයන්ට පහළ වැටි ඇති අතර මේ සදහා ඉදිරි උත්සව සමයන් ආශ්රීත අනයන ඉහළ යාම් මෙන්ම අඩු වන පොලි අනුපාත ප්රවනතා හමුවේ සිදු වන ආනයන වර්ධනයන්ද සහ ගෝලිය වශයෙන් ඩොලරයේ අගය ශක්තිමත් විමද බලපා ඇත.
කෙසේවෙතත්,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබිරාල් මහතා රෝයිටර් සමුළුවකට එක් වෙමින් පවසා ඇත්තේ බාහිර ගිණුමේ ශක්තිමත් විම් සමගින් රුපියලේ අගය ශක්තිමත් විමේ ප්රවනතා වැඩි බවයි.
පසුගිය ඔක්තෝම්බර් 07 දා යින් අවසන් වු සතිය තුළ විදේශ ආයෝජකයින් රුපියල් බිලියන 4.23 ක මෙරට රජයේ සුරැකුම්පත් ශුද්ධ විකුණුම් සිදු කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දේ.මෙයට කලින් සතියේ රුපියල් බිලියන 16.9 ක සුරැකුම්පත් විකුණුම් සිදු කර තිබිණි.