මෙය විදේශ් පාර්ශව දෙකක් අතර හුවමාරු වු බව තැරුවිකරුවෝ පවසති.
පසුගිය සතියේ ගෝල්ඩිමන් සැක්ස් /ආතර් මාස්ටර් අරමුදල කොළඹ සිනමන්ඩ් ග්‍රැන්ඩි හා සිනමන් ලේක්සයිඩ් හෝටල් ඇතුළු හෝටල් කිහිපයක් අයත් ජෝන් කීල්ස් සමුහයේ ඒෂීයන් හෝටෙල්ස් සහ ප්‍රෝපටිස් සමාගමින් ඉවත්ව යනු දක්නට ලද අතරේ ඊයේ ජෝන් කීල්ස් වෙතින්ද විදේශිකයින් පිරිසක් ඉවත්ව යනු දක්නට විම විශේෂයෙන් මෙහිදි අවධාරණය කළ යුතුය.
ඒ සමගින් Ceylon Guardian හි කොටස් 574,000 ක් කොටසක් රුපියල් 200 බැගින් තවත් ගිවිසගත් ගනුදෙනුවකින් හුවමාරු විය.
අද දිනයේ ගනුදෙනු අවසන් කරන විට සියළු කොටස් මිළ දර්ශකය ඒකක 13.01 කින් ඉහළ යමින් ඒකක 5,829.05 ක් ලෙසද S&P 20 දර්ශකය ඒකක 7.68 කින් ඉහළ යමින් ඒකක 3185.96 ක්ද විය. දර්ශකයේ ඉහළ පහළ යාමට මුළික වශයෙන් Nestle, Aitken Spence Hotel Holdings,Asian Hotels and Properties සහ Chevron Lubricants Lanka හේතු විය.
පිරිවැටුම රුපියල් මිලියන 710.4 ක් විය.
John Keells Holdings Warrants [W0023] සහ HNB [Non-Voting] මෙන්ම සමිපත් බැකු කොටස් වලටද අද සාමාන්‍ය පුවරුවේ සක්‍රිය වු සමාගම් අතර විය.
John Keells Holdings Warrants [W0023] හි කොටස් ලක්ෂ 04 ක් ගනුදෙනු වු අතරේ එහි කොටසක අගය රුපියල් 63 දක්වා සියයට 0.6 කින් ඉහළ ගියේය.ඉහළ ඉපයුම් මැද සමිපත් කොටසක මිළ අද සියයට 1.5 කින් ඉහළ යනු උදැසනම දක්නට වුවද පසුව එහි මිළ පසුගිය සති 52 ක කාලයේ පහළම අගය වු රුපියල් 166.5 ට පහළ වැටිණි.
ඉහළ ඉපයුම් මැද ඉන්දියන් ඔයිල් හි කොටසක අගය 1.0% කින් ඉහළ යමින් රුපියල් 29.1 ක් විය.
E-Channeling පසුගිය සති 52 ක කාලයේ ඉහළම අගයකට මිළ ඉහළ ගිය අතරේ Lanka IOC සහ Laugfs Gas ද ආයෝජන ආකර්ෂණයට ලක් විය.
Reference=deleted