පසුගිය සති වල පැවති තේ වෙන්දේසි වලදි තේ මිළ ගණන් සියයට 10 කින් පමණ පහළ ගොස් ඇතැයි කී හෙතෙම මෙම තත්ත්වයන් හමුවේ අපනයන තේ සඳහා නිශ්චිත අපනයන මිළක් ලබා ගැනිමට අදාල විසදුම් මෙහිදි සාකච්ඡාවට බදුන් කරන බව හෙතෙම කියා සිටියේය.
[size]
වෙනත් රටක ඇති අර්බුදයක් සම්බන්ධයෙන් අපේ රජයේ බළධාරින්ගෙන් අපි ඉල්ලිමි ඉල්ලන්න යන්නේ නැහැ.අපි සලකා බලන්න කියන්නේ මේ අපි වැඩ්පුරම තේ යවන රටේ බිද වැටෙන රූබල් මුදල් ඒකකය හමුවේ ලබා ගත හැකි ආර්ථීක විකල්ප යන් ගැනයි යැයි රොහාන් ප්‍රනාන්දු මහතා රන්දොරට කීය.
රූබලය ඇමෙරිකාණු ඩොලරයක් සදහා රූබල් 57 ක් දක්වා ඉතිහාසයේ අලුත්ම පහළ අගයන්ට මේ වන විට පහළ වැටි ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා රූසියානු මහ බැංකුව ස්වකිය පොළි අනුපාත සියයට 10.5 දක්වා සියයට 01 කින් ඉහළ දැමුවේ මෙම කඩා වැට්ම් අවම කර ගැනිමටය.
රුසියානු රූබලය ආරක්ෂා කිරිම වෙනුවෙන් මේ වසරේ ඔක්තෝම්බර් 17 දා දක්වා ඇමෙරිකාණු ඩොලර් බිලියන 50 ක් එරට මහ බැංකුව වැය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
[/size]