රන්දොර සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තතත්ත්වයන් සමිබන්ධයෙන් කටයුතු කිරිමට නියාමන කොමිසමට බලයක් නැති බවයි.එසේම ඉදිරියේදි මුලික කොටස් නිකුතු සම්බන්ධයෙන් සාධාරණ මිලක් යටතේ ඒවායේ කටයුතු සිදු කිරිමට ස්වකිය නීතිමය රාමුව දැඩි කර ඇති බවත් මේ අනුව ඉදිරියේදි අධික මිල ගණන් පෙන්වා වත්කම් අගය කර කොටස් වෙළෙඳ පොළ මිල නියම කිරිමි සිදු කිරිමට ඇති ඉඩ කඩ අවම වන බවද කීය.
මේ වන විට අපරාධ වරදවල් සම්බන්ධ බලය ඇති නියාමන කොමිසමට ඉදිරියේදි පනතේ සිදුවන සංශෝධන මගින් සිවිල් බලතල ලැබිමට නියමිත බැවින් එමගින් වඩා විධිමත් වෙළෙඳ පොළක් ගොඩ නැංවිමට අවකාශ විවර වන බවද කීය. මේ ඒ සංවාදයයි.
ප්‍රශ්නය-ඉදිරියේදි මුලික කොටස් නිකුතු වල පෙළ ගැස්ම කෙබදුද?
පිළිතුර-අලුතින් ලයිස්තුගත කිරිම අපේ ප්‍රධාන අරමුණයි.මේ සදහා ආකර්ෂණයක් අවශ්‍යයයි.වෙනත් විකල්ප අවස්ථා හා සසදා බලන කල මෙය ආකර්ෂණ අවශ්‍යතාවයක් විය යුතුයි.අඩු පොලි අනුපාත තත්ත්වයන් යටතේ කොටස් වෙළෙඳ පොළට පැමිණිය යුතුද? යන කරුණ කිසි වෙකු මතු කරන්න පුළුවන්.නමුත් යමි සමාගමකට ගෝලිය ආකර්ෂණයක් තම සමාගමට ලබා දෙන්න නම් මෙම ලයිස්තුගත කිරිම් හරහා විශාල වාසි අත්පත් කර ගත හැකියි.
ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා 2020 වන විට ඩොලර් බිලියන 7.5 ක ප්‍රාග්ධනයක් කොටස් වෙළෙඳ පොළ හරහා රැස් කරවා ගන්න.
මේ වන විටත් සමාගම් 50 ක් විතර ලයිස්තුගත කරන්න සාකච්ඡා කරමින් ඉන්නවා.
ප්‍රශ්නය-පසුගිය කාලයේ ලයිස්තුගත කළ සමාගම් වල අගය කිරිම් ගැන යම් ප්‍රශ්න තිබුණා.මෙම තත්ත්වය ඉදිරියේදි ඇති නොවන්න කවර ක්‍රියා මාර්ගද?ගන්න යන්නේ.
පිළිතුරු-පසුගිය කාලයේ සමාගම් දෙක තුනක් විතරයි මේ ආකාරයේ ප්‍රශ්න ඇත්තේ.මේවා නිසා සමස්ත වෙළෙඳ පොළටම බලපැම් එල්ල වෙනවා.අපි දැක්ක සමාගම් දෙක තුනක් වල මුලික කොටස් නිකුතු මිල නියමිත අගයට වඩා වැඩ් විම,තව එකක් දෙකක් මුලික නිකුතුවේ අරමුණින් බැහැරව කටයුතු කරනු අපි දැක්කා.අපි ඒවාට අවවාද කරලා මෙම තත්ත්වයන් ගැන පුවත් පත් වාර්තා පළ කරන්න කියලා ඒ අයට කිවිවා.
අපි දැනටමත් රේගුලාසි ගෙනත් ඇවිල්ලා තිබෙනවා,මේ මුලික කොටස් නිකුතු සදහා විශේෂඥයෙකු විසින් අනුමත කළ සාධාරණ මිලක් මෙම මුලික කොටස් සදහා අනුමැතිය ගැනිමට පෙර තක්සේරු කර අප ගාවට පැමිණිය යුතුයි කියලා.මේ නිසා මේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ දැන් අඩුයි.
අනික් අතට මුලික කොටස් නිකුතු අරමුණින් බැහැරව කටයුතු කල සමාගම් එක දෙක බැලිමේදි අප ට ඔවුනගේ කළමනාකරණයට එකතු වෙන්න බැහැ.නමුත් අපිට යම් මැදිහත් විමක් කළ හැකියි.ඔවුන් කරන්නේ මොකක්ද?කියලා ජනතාවට දැනුවත් කරන්න කියලා.අපිට පුළුවන් ඒ දැනුම ලබා දිම.
ජනතාවගේ වගකිම තමයි අදාළ සමාගම ගැන අවබෝධයෙන් ඒවායේ ආයෝජනය කිරිම.
ප්‍රශ්නය-පසුගිය කාලයේ අපි දැක්ක පී.සී හවුස් සමාගම ස්වකිය මුලික කොටස් නිකුතුවේ අරමුණින් බැහැරව ගිහින් තිබෙනවා.
පිළිතුරු-හොද ප්‍රශ්නයක් සාමාන ්‍යෙයන් සමාගමක සිදුවන කළමනාකරණ වරදක් ගනි තීන්දු ගන්න තමයි සමාගම් පනත ඇතතේ.සමාගමක ආයෝජකයින්ගේ අයිතින් කඩවන ආකාරයෙන් තීන්දු ගන්නවානම් ඒ සදහා අධිකරණ ක්‍රියා මාර්ග ගත හැකියි.අපිට මේ සදහා නීතිමය ප්‍රතිපාදන නැහැ.මේනිසා අයෝජකයින්ට මේ පිළිබඳව අධිකරණ පියවර ගත හැකියි.
ප්‍රශ්නය- කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් මධ්‍යම තැන්පතු ක්‍රමය සඳහා නවතම පද්ධතියක් නිල වශයෙන් හදුන්වා දෙමින් කොටස් ගනුදෙනු ඉතිහාසයේ නව පරිච්ඡේදයකට මුල පිරීම අද 02 දා සිදු වුණා.මේ ගැන යම් සදහනක් කළොත්
පිළිතුර-ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ 1990 දශකයේ මුල වන විට තාක්ෂණික වශයෙන් ඉහළම තිබු වෙළෙඳ පොළක්. 1991 තමයි ලංකාවේ මධ්‍යම තැන්පතු ක්‍රමය හදුන්වා දුන්නේ. ඒ වන විට ආසියාවේ තිබු තාක්ෂණය අතින් උසස් වෙළෙඳ පොළක් බවට එය පත් වි තිබුණා.යුද්ධ තත්ත්වය නිසා කොටස් වෙළෙඳ පොළේ තාක්ෂණය දියුණු කිරිමේ යමි අඩු පාඩුවක් තිබුණා.නමුත්,දැන් ඒ තත්ත්වය මඟ හරවා ගනිමින් මධ්‍යම තැන්පතු ක්‍රමය නවීකරණය කර ලොව ඕනෑම කොටස් වෙළෙඳ පොළකට සමාන කරන්න පුළුවන් තත්ත්වයකට ගෙන ඇවිල්ලා තමයි, අප එය පසුගිය 02 දා විවෘත කළේ.
මෙම ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක වෙමින් තවත් තාක්ෂණික වශයෙන් වැදගත් සිදු විම් රැසක් ඉදිරි වසර 02 තුළ මෙරට සිදු කිරිමට නියමිතයි.
ප්‍රශ්නය- මෙමගින් ආයෝජක හා තැරැවිකාර ප්‍රජාවට සැලසෙන සෙත කුමක්ද?
පිළිතුර-කොටස් වෙළෙඳ පොළක සංවර්ධනය සදහා අවශ්‍ය කරන කරුණු රැසක් තිබෙනවා.එකක් තමයි නීති පද්ධතිය.අනික මුල්‍ය උපකරණ.අනික තමයි,යටිතල පහසුකම් සංවර්ධනය.2020 ට සුදානම් වන කොටස් වෙළෙඳ පොළ මේ අංශ 03 න්ම වර්ධනය කළ යුතුයි.නීති රාමුව පැත්තෙන් අපි අලුතින් පනතක් ගෙන ඇවිල්ලා,ඉදිරියේදි එය සමිමත විම තුළ අදාළ නීතිමය රාමුවේ ඇති අඩු පාඩු මඟ හරවා ගන්න පුළුවන්.
ඒ වගේම ඉදිරියේදි සාමාන්‍ය මුල්‍ය කොටස් වලට අමතරව මුල්‍ය උපකරණ රාශියක් හදුන්වා දෙන්න අපි අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
යටිතල පහසුකම් පැත්තෙන් බලන කල ඒ දියුණු කිරිම් කටයුතුත් අපි මේ ආකාරයෙන් සිදු කරනවා.මෙමගින් වෙළෙඳ පොළක අවදානම් කළමනාකරණයට ආරක්ෂාවට සෙත සැලසෙනවා.මෙමගින් ආයෝජකයින්ට වෙළෙඳ පොළ ආකර්ෂණයක් ඇති කරන්න අපි කටයුතු සිදු කරමින් පවතිනවා.
ප්‍රශ්නය- අපි පසුගිය වසර වල දැක්කා යුද්ධයෙන් පසු වු තත්ත්වය තුළ විශාල වශයෙන් ආන්තික ණය පදනමින් ඇති වු බුබුල තුළ තැරැවිකාර ආයතන පදනමින් කෘතිම ලෙස මිල ඉහළ යාමි සිදු වෙනවා.මෙම ආන්තික ණය කළමනාකරණයට මේ වන විට පියවර ගෙන ඇත්ද?
පසුගිය කාලයේ ඇති වු තත්ත්වය අපි දැන් අපි සම්පුර්ණයෙන්ම වාගේ නීති රාමුව මගින් පාලනය කර ඇත්තේ.මේ බුබුලෙන් පස්සේ අපි නිරන්තරයෙන්ම අපි තැරැවිකාර අංශ අධික්ෂණයේ නිරත වෙමින් මෙම තත්ත්වය සම්පුර්ණයෙන්ම පාහේ පාලනය කර ඇත්තේ.පසුගිය කාල වල ඇත්තෙන්ම නීතිමය රාමුව තිබුණත් එය හරි හැටි ක්‍රියාත්මක නොවිම නිසා තමයි මෙම අනවශ්‍ය ආන්තික ණය පදනමින් රැල්ලක් ඇති වුණේ.
ප්‍රශ්නය-කොටස් වෙළෙඳ පොළ 2012-2015 දස වැදැරුම් සැලැස්මේ මේ වන විට ප්‍රගතිය කෙබදුද?
පිළිතුර- ගත වු වසර 02 තුළ අපි සැහෙන දුරට කරුණු සාක්ෂාත් කර ගෙන ඇත.ඒ අතුරින් ඉටු කිරිමට ඇත්තේ අපේ පනත සම්මත කර ගැනිම,වෙළෙඳ පොළ අසාහිමුකරනය කිරිම සහ කොටස් වෙළෙඳ පොළ තවත් යට්තල පහසුකම් දියුණු කිරිම.2015 අවසන් වන විට මෙම ඉලක්ක ගත වැඩ පිළිවෙලින් සියයට 90 ක් පමණ නිම කළ හැකි වෙතැයි අප විශ්වාස කරනවා.යම් ප්‍රමාදයක් මේ නම් එය යට්තල පහසුකම් විෂයෙහි සිදු විය හැකියි.මන්ද එයට අපට හිතුවටත් වඩා කාලයක් ගත වෙනවා.මේ නිසා ඉතිරි සියයට 10 2016 විතර අවසන් කරන්න අපි සැලසුම් කරනවා.
ප්‍රශ්නය- වෙළෙඳ පොළ අසාහිමුකරනය අදාළ කටයුතු වල දැනට ප්‍රගතිය කෙසේද?
පිළිතුර- මෙයට කාරණා 02 ක් අවශ්‍යයයි.එකක් ඒ සදහා පනතක් අවශ්‍යයයි.ඒ පනත කෙටුම්පත් කර නීති කෙටුම්පත් දෙපාර්තාමේන්තුව යටතේ ඇත්ත.ඒ අය මේ වන විට එය පරිවර්තනය කරමින් තිබෙනවා.මේ කටයුතු වලින් පස්සේ මේ අය එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි යැයි මම හිතනවා.
අනික් පැත්තෙන්,මෙම අසාහිමුකරනය කටයුතු සදහා වෙළෙඳ පොළ නැවත අගය විමසා බැලිමක් සිදු කළ යුතුයි.මන්ද,කොටස් බෙදා දෙන්නේ මොන ආකාරයෙන්ද? බෙදා දෙන්නේ කාටද?මේ ආකාරයෙන් රජය අදාළ තීරණය ගත යුතුයි.රජයට සැහෙන වගකිමක් තිබෙනවා,මෙම අගය කිරිම සම්බන්ධයෙන්.මේ සදහා යෝජනාවක් කොටස් වෙළෙඳ පොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරි මාසය ඇතුළත සුරැකුම් කොමිසම වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.අප විසින් එය ඊට පසු රජය වෙත ඉදිරිපත් කරන්න සැලසුම් කර තිබෙනවා.අපි බලන්නේ මේ වසර ඇතුළත මේ ක්‍රියාවලිය ඉවර කරන්නයි.