මහින්ද පරාජයට වග කිව යුතු ප්‍රදාන හේතු මෙවාය.
1) බැසිල් රාජපක්ෂගේ අගමැති සිහිනය නිසා සියලු බලතල ඔහුගේ අමාත්‍යාංශය තුල සිරවීම හරහා අන් නායකයන් තුල ඇතිවූ දැඩි කලකිරීම ඔවුන් මැතිවරණ ක්රියවලියෙන් ඈත් කිරීම
2) නාමල් රාජපක්ෂගේ අනුවන කම නිසා මැතිවරණ ප්රචාරක යන්ත්රනය මහින්දට වඩා නිල් බලකාය ප්‍රචාරය කිරීමෙන් ලැබෙන්නට තිබුනු චන්දත් අඩුවීම
3) ගෝටාභය රාජපක්ෂ බොදු බල සේනා රැකීමට ගොස් මුස්ලිම්වරුන් මහින්දට නැති කිරීම
4) සජීන් වාස් චන්ඩි කමට නෝනිස්ට ගැසීම හා මහින්ද ඒ වෙනුවෙන් කිසි පියවරක් නොගැනීම හරහා යහපාලන මාතෘකාව මැතිවරණයට සති කීපයකට පෙර කරලියට ඒම
5) පී බී ජයසුන්දර මහා භාන්ඩාගාරය තුල අන් කිසිවෙකුට සවන් නොදී ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් පොදු ජනතාවට පහසුවෙන් දිය හැකි සහන පමා කිරීම
වසර 30 පැවති යුද්දය අවසන් කොට අන් කිසිදු රාජ්‍ය නායකයෙකු නොකල අති විශාල සංවර්ධනයක් මේ රටේ ඇතිකල මහින්ද රාජපක්ෂ චන්ද සුලු ප්රමානයකින් පරාජය කොට ඔහු ගෙය මුල්ලට තල්ලු වු දුක්මුසු කතාවෙ පසුබිම මෙයයි.
වංචාව දූෂණය මහින්දගේ රජයේ නොතිබුනා නොවේ. එහෙත් යුද්දය නතරවීම තුලින් සිදුවන අති මහත් ඉතිරියත් වේගවත් සංවර්ධනයක් හරහා අනාගතයේ රටට ලැබිය හැකි වාසියත් සලකන විට අපි හදිස්සියි වුනා වැඩි නැත්දැය් හදවතින් ඇසිය යුත්තේ මහින්ද වෙනුවට පත් කර ගත් සෙට් එක දිහා බලන විටය.
දැනටමත් හතර අතේ දෙශපාලන පත්වීම්ය. රවී කරුනානායක පොල් ගසන්නට කතරගම යන්නෙත් හෙලිකොප්ටරයේය. කොච්චර කෑ ගැහුවත් ඔප්පු කල දූෂණයක් නැත. සංවර්ධන කටයුතු සියල්ල එක තැන නතර වෙලාය. මහා ලොකුවට නවත්වන්නවායැය් කෑ ගැසු පොර්ට් සිටි එකේ දැන් වරදක් නැතිලුය.
කොටස් වෙලඳපොලේ තියෙන ලොකුම ආයතනයක් Sri lanka telecom.
ඒකෙ නව සභාපති සුදුසු කම. දැව සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී හා ජනාධිපති තුමගෙ මල්ලි.
ඉතින් අපි කුමක් කරමුද ?.