අපි කවුරුත් දන්නා පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය පහසුකම් ලබා දෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදයන් මතු වු අවස්ථාවන් වලදියි.එවැනි අර්බුදයක් ලංකාවේ මතු ව ඇතැයි අපි සිතන්නේ නැහැ යැයි ,ශ්‍රී ලංකාවේ මුල්‍ය අරමුදලේ පසු වැඩසටහන් අධීක්ෂන කටයුතු අවසන් කරමින් අද කොළඹදි මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.
විදේශ විනිමය වෙළෙඳ පොල විෂයෙහි මේ දිනවල ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන මැදිහත් විම් සීමා කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ටොඩ් ෂ්නයිඩර් මහතා කීය.
විනිමය අනුපාතයේ උච්ඡාවචනයන්ට ඉඩ හරිමින් කෙටි කාලින ඉහළ පහළ යාම් සදහා පමනත් මෙහිදි මැදිහත් විම් අවශ්‍යතාවයක් පවතින බවද ඔහු පවසා සිටියේය.
පසුගිය පෙබරවාරි 23 දින සිට මාර්තු 04 අද දක්වා මෙරට රැදි සිටමින් සිදු කළ මෙම පුළුල් අධීක්ෂණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සම්පත්වලට විශේෂ ප්‍රවේශය යටතේ අවස්ථාව ලද රටවල් සඳහා පොදු ක්‍රියාමාර්ගයක් වන අතර ,එය 2012 වසරේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.6 ක ණය පහසුකම සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාව සඳහා ද අදාළ වේ.එම දුත පිරිස රජයේ සහ මහ බැංකු නිලධාරීන් මෙන්ම සිවිල් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟද සාකච්ඡා පැවැත්වුහ.මෙම අධීක්ෂණ වැඩසටහන අවසානයේදී ෂ්නයිඩර් මහතා මෙසේද කීය.
මුර්ත දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය 2014 වසරේදි සියයට 7.4 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2015 වසරේදි සියයට 6-7 ක ශක්තිමත් පරාසයක් තුළ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.උද්ධමනය පහළ තනි අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ,වැටුප් සහ වේතන ඉහළ යාම හේතුවෙන් ඉල්ලුම වර්ධනය වීමත් සමඟ උද්ධමනය ඉහළ යෑම සඳහා යම් පීඩනයක් ඇති විය හැකියි.විදේශීය ජංගම ගිණුම 2014 වසරේදී වර්ධනය වු අතර ,ඉන්ධන මිල අඩු වීම ,අපනයන සහ සේවා වෙළෙදාම තවදුරටත් වර්ධනය වීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යාම හේතුවෙන් විදේශීය ජංගම ගිණුම 2015 වසරේදී තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ආර්ථීකයේ ඉදිරි දැක්ම සතුටුදායක බවට බලධාරීන් සමඟ දුත පිරිස එකඟ වු අතර ,මැදිකාලීනව ශක්තිමත් සහ තිරසාර වර්ධනයක් පවත්වා ගැනිම සඳහා සාර්ව ආර්ථීක ස්ථායිතාවයට උපකාරි වන ප්‍රතිපත්ති සඳහා අඛණ්ඩ කැපවීම සහ ඵලදායිතාව සහ තරගකාරිත්වය වර්ධනය සඳහා වු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය වනු ඇත.
යහ පාලනය,විනිවිදභාවය සහ මූල්‍යමය විනය සඳහා රජයේ කැපවීම අපි අගය කරමු.ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර ලෙස අඩු කිරිම සහතික කරමින් මැදි කාලීන රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය සාර්ව ආර්ථීක ප්‍රතිපත්තිවලට අනුකූල විය යුතු බව දූත පිරිස සහ බලධාරීන් එකඟ වී ඇත.කෙසේ නමුත්,දූත පිරිස අතුරු අයවැය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබේ.දූත මණ්ඩලයේ ඇගයුම තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය අය-වැය හිඟය සියයට 4.4 ක් ලෙස පවත්වා ගැනීම අභීයෝගාත්මක වනු ඇති අතර පුරෝකතනය කර ඇති පරිදි රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අසීරු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි බලධාරීන් යොමු විය යුතු වේ.තවද,දූත මණ්ඩලයේ මතය අනුව අතුරු අය-වැය මුල්‍යනය සඳහා එක් වරක් පමණක් අය කෙරෙන බදු ක්‍රියාමාර්ග හදුන්වා දීම වෙනුවට වඩාත් ඵලදායි බදු ක්‍රමයක් ඇති කිරීම සඳහා පියවර ගත යුතුය.බදු ක්‍රමය ක්‍රමානුකූල කිරිම සඳහා වඩාත් පුළුල් ප්‍රතිසංස්කරණයන් සිදු කිරිමේ අවශ්‍යතාවය පිළිබඳව සහ ආදායම අඛණ්ඩව ඉහළ වර්ධන මාවතකට රැගෙන ඒම සඳහා බදු නිදහස්කරණය අඩු කිරිම හෝ ඉවත් කිරිමේ අවශ්‍යතාවය පිළිබඳව දූත පිරිස සහ බලධාරීන් එකඟ වී තිබේ.ඉදිරි කාලයේ දී ලබා දීමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය තුළින් මෙම අංශයන් කෙරෙහි අවධානය යොමු වනු ඇත.
මුදල් ප්‍රතිපත්ති ලිහිල්කරණය සඳහා 2013-14 වර්ෂයන් පුරා ගනු ලැබු ක්‍රියාමර්ගයන් 2014 අවසානයේ සිට 2015 මුල් භාගය දක්වා පුද්ගලික අංශයේ ණය වර්ධනය යථා තත්ත්වයට පත් වීම සඳහා හේතු විය.වත්මන්,මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව පෙන්නුම් කළ ද ශ්‍රී ලංකා මහ බැංකුව ණය,උද්ධමනය සහ ද්‍රවශීලතා වර්ධනයන් ඉදිරි මාසවල දී සමීපව නිරීක්ෂනය කළ යුතු වේ.මහ බැංකුවේ විදේශ විනිමය සංචිත පසුගිය මාස 06 ක කාලය තුළ අඩුවීම දූත පිරිස සැලකිල්ලට ගෙන ඇත.ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ විනිමය සංච්ත ආරක්ෂා කිරිමේ අවශ්‍යතාවය සහ විනිමය අනුපාතිකය නව්‍යශීලී වීමේ අවශ්‍යතාවය අපි අවධාරණය කරන්නෙමු.විදේශ විනිමය වෙළෙඳපොළ කෙරෙහි මැදිත් වීම් කෙටි කාලීන අධික උච්චාවචනයන් වැළැක්වීම සඳහා පමණක් සීමා කළ යුතුය.විශේෂයෙන් ගෙවුම් තුලනයේ පුරෝකතනය කළ වර්ධනය හමුවේ විනිමය අනුපාතිකය මූලධර්මයන්ට අනුකූල නොවන බවක් පෙන්නුම් නොකරයි.
පසු වැඩසටහන් අධීක්ෂණය සම්බන්ධ සාකච්ඡා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අප්‍රේල් මස අවසානයේදි සිදු කිරිමට අපේක්ෂීතය.
randora.lk