හේමන්ත රන්දුණු
පීපල්ස් ලීසිං මූල්‍ය සමාගමේ සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි දහයකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු අධ්‍යක්‍ෂ පියදාස කුඩාබාලගේ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය ඊයේ (17 වැනිදා) ප්‍රශ්න කර ඇත.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය පෙරේදා (16 වැනිදා) පැය පහක් තිස්‌සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය.
ජනාධිපති ලේකම් කාර්යාලයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් සමාගමකට පීපල්ස් ලීසිං සමාගම යටතේ මිලදී ගත් වාහන අනූනවයකට අදාළ රුපියල් කෝටි දාහතකට අධික වාරික මුදල් ලබා නොගැනීම සම්බන්ධයෙන් කුඩාබාලගේ මහතාගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං සමාගමේ තවත් නිලධාරීන් කීපදෙනකුගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.
මහජන බැංකුවට අනුබද්ධ මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාය.
ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා මිලදී ගත් වාහන 36 ක් සහ සජින් වාස් මහතාට අයත් සමාගමක් වෙනුවෙන් මිලදී ගත් වාහන 33 ක් සඳහා මුදල් ගෙවා ඇත්තේ පීපල්ස් ලීසිං සමාගම විසින් බව හෙළි වී ඇත.
එහෙත් එම මුදල් ගෙවීම් වෙනුවෙන් ලබාදිය යුතු වාරික මුදල් අයකර ගැනීම පීපල්ස් ලීසිං සමාගම පැහැර හැර තිබේ.
http://www.divaina.com/2015/03/18/news09.html