තමා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වූ පසු ණය විගණනයක් සිදුකළ බවද එමගින් මේ බව අනාවරණය වූ බවද ගුණවර්ධන මහතා කීවේය.
මේ ණය මුදල් ලබාදීම අතර මැණික් ගල් යෑයි කියමින් තිරිවානා ගල් කැට ප්‍රමාණයක් සුරැකුම් වශයෙන් ලබා දී ණය ලබාගෙන ඇති සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇති බවද ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයා කීවේය.
තම බැංකුවට පසුගිය කාලයේ රජයේ ඇතැම් අය ලබාදුන් උපදෙස් අනුව මිලියන ගණනින් ලබාදුන් ණය මෙසේ අයකර ගැනීමට අපහසු වී ඇති බවද ලංකාපුත්‍ර බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය. මුදල් අමාත්‍යාංශයේ දී පෙරේදා (11 වැනිදා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.
Courtesy: Divaina 13 May 2015