රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ වෙළඳ අංශය දිවයින පුරා විසිරුණු ආපිකෝ සුපර්සෙන්ටර් අලෙවිසල් සහ අනෙකුත් ආපිකෝ ප්රදර්ශනාගාර ජාලයකින් සමන්විත වේ. අදාළ කාලසීමාව තුළ ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වූ මෙම අංශය යටතේ මහා පරිමාණයේ ප්රදර්ශනාගාරයක් කොට්ටාව ප්‍රදේශයේ අලුතින් විවෘත කරන ලද අතර ආපිකෝ ඩේලි වර්ගයේ අලෙවිසල් 4 ක මෙහෙයුම් කටයුතුද ආරම්භ කරන ලදි. ක්‍රිකට් ලෝක කුසලාන සමයට සමගාමීව ක්‍රියාත්මක කරන ලද, zපවර්ප්ලේZ ලෙස නම් කර තිබූ දැවැන්ත අලෙවි ප්‍රචාරණ වැඩසටහනේ ජයග්‍රාහකයන් හට ඔස්ටේ්රලියාවට ගොස් ඵCඨ ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගය දැකබලාගැනීමේ අවස්ථාව උදාකර දීමට සමාගම කටයුතු කළේ ය.
පෙර වසරට සාපේක්ෂව ඉහළ ආදායමක් හා ලාභයක් මෙම මූල්‍ය වර්ෂය තුළ වාර්තා කිරීමට ප්ලාස්ටික් සහ බෙදාහැරීම් අංශය සමත් විය. මාධ්‍ය ඔස්සේ කරන ලද දැවැන්ත ප්‍රචාරණ වැඩසටහන් සමගින් වතුර ටැංකි සම්බන්ධයෙන් සිය වෙළඳපොළ ප්‍රමුඛත්වය තවදුරටත් පවත්වා ගැනීමට මෙම අංශයට හැකිවී තිබේ. වසරේ 3 වැනි කාර්තුව තුළ වෙළඳපොළට හඳුන්වා දුන් හයිබ්‍රිඩ් වර්ගයේ මෙට්ටය සඳහා මේ වනවිට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ඉතාමත් නිර්මාණශීලී සොයාගැනීමක් ලෙස එය ඇගයීමට ලක්වෙමින් ඇත.
දුෂ්කර කාලගුණ තත්ත්ව හා මිල පහළ යැම් නිසා 2014/15 කාලසීමාව තුළ අභියෝග රැසකට මුහුණ දීමට වැවිලි අංශයට සිදුවිය.
දිවයිනේ විශාලතම වැවිලි සමාගම් 3 ක් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ හිමිකාරීත්වය යටතේ පවතී. මෙම සමාගම්වල නිෂ්පාදන අතරට උඩරට, පහතරට හා මැදරට තේ, රබර්, ඔයිල් පාම්, පොල්, කුරුඳු, කරදමුංගු හා රඹුටන් ආදී භෝග වර්ග රැසක් ඇතුළත් වේ. සමූහයේ වාර්ෂික පිරිවැටුමට 15% කට වැඩි දායකත්වයක් දැක්වීමට වැවිලි අංශය සමත් වී ඇත.
අදාළ කාලසීමාව තුළ නිෂ්පාදනය හා මිල පහළ යැම නිසා දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට මෙම අංශයට සිදුවිය. වර්ෂය තුළ ඔයිල් පාම්වල මිල ඉහළ යැමක් පෙන්නුම් කරන ලද අතර වසරේ 4 වැනි කාර්තුව තුළ තේ, රබර් හා පොල් නිෂ්පාදනයේ ඉහළ යැමක් දක්නට ලැබිණි.
Courtesy: Divaina 22 June 2015