එහිදී රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති, ආචාර්ය සේන යද්දෙහිගේ මහතා මාධ්‍යවේදීන් අමතමින්, “2011 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ 2010/2011 මූල්‍ය වර්ෂය රිචඩ් පීරිස් සමාගම වසර 78ක ඉතිහාසයේම වැඩිම ලාබ ඉපයූ වර්ෂයයි. මෙවර අප සමාගමේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.4ක් වූ අතර එය පසුගිය මූල්‍ය වර්ෂය සමඟ සාපේක්ෂව සැසඳීමේ දී රුපියල් බිලියන 1.5ක ලාභ වර්ධනයක්. එසේම සමාගමේ බදු ගෙවූ පසු ලාභය රුපියල් බිලියන 2.1ක් වන අතර එය පසුගිය මූල්‍ය වර්ෂය සමඟ සැසඳීමේ දී 200%ක වැඩිවීමක්. මෙම ඓතිහාසික වර්ධනයේ ඇති සුවිශේෂත්වය වන්නේ මෙම ලාභය සමාගම් සමූහයේ මෙහෙයුම් තුළින් ලබාගත් වර්ධනයක් වීමත් එම ලාභය තුළ ප්‍රාග්ධන ලාභ අන්තර්ගත නොවීමත් ය.” යැයි පැවැසීය.
http://silumina.lk/2011/07/03