කොමර්ෂල් බැංකු සහ එයාර්ටෙල් ගණුදෙනුකරුවන් වෙත කෙටි පණිවුඩ - අන්තර්ජාල බැංකු පහසුකම් සහ ATM යන්ත්ර හරහා බිල්පත් ගෙවීමේ පහසුකම් සලසා දීමේ ගිවිසුම භාරතී එයාර්ටෙල් සමාගමේ ප්රධාන විධායක නිලධාරිනි සහ කළමනාකාර අධක්ෂිකා අමලි නානායක්කාර මහත්මිය - කොමර්ෂල් බැංකු කළමණාකාර අධ්යක්ෂක අමිත ගුණරත්න මහතා සමඟ හුවමාරු කරගත් අවස්ථාව.
මෙම සේවාව හරහා කොමර්ෂල් බැංකු ගිණුම් හිමි එයාර්ටෙල් පාරිභෝගිකයන්ට එයාර්ටෙල් ජංගම දුරකථනයකින් PIN (හිස්තැනක්) RS (මුදල) ටයිප් කොට 8823 අංකයට SMS කිරීමෙන් ඔවුන්ගේ පෙර ගෙවුම් සම්බන්ධතාවයන් සඳහා රීලෝඩ් කර ගැනීමට හෝ පසු ගෙවුම් සම්බන්ධතාවයන්ගේ බිල් පියවීම සිදු කළ හැකි ය.
කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්ට එයාර්ටෙල් බිල්පත් ගෙවීම දිවයින පුරා පිහිටි 420 ක් වූ ATM යන්ත්රවලින් එකක් හරහා සිදු කළ හැකි අතර මීට අමතරව අන්තර්ජාල බැංකු පහසුකම සඳහා ප්රවේශ වීමේ හැකියාව ද ලැබේ. මෙම සේවාවේ ප්රතිලාභ දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා 194 හරහා පෙර ගෙවුම් රීලෝඩ් පහසුකම් සහ පසු ගෙවුම් බිල් පියවීම් සිදු කරන සියළුම එයාර්ටෙල් පාරිභෝගිකයන්ට ද පිරිනැමේ
http://www.dinamina.lk