වත්මනෙහි සම්පත් බැංකු සභාපති,මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් හා ස්වකීය හේලීස්,වැලිබල් ,රෝයල් සෙරමික් ආදි සමාගම් වල අධ්යක්ෂ ධුර රාශීයක් දරණ ධම්මික පෙරේරාගේ ධනස්කන්ධයේ වටිනාකම මේ වන විට ඩොලර් මිලියන 550 ක් පමණ වන බව එම සඟරාව කියයි.
මෙම සිවිදෙනා ධනස්කන්දයේ පිළිවෙළෙට වර්ග කරන්න අමාරුයි.මන්ද,බොහෝමයක් මොවුන්ගේ වත්කම් ඔවුන්ගේ පුද්ගලික වත්කම් ලෙසයි පවතින්නේ සඟරවා පවසයි.
දැනට 71 හැවිරිදි වියේ පසුවන හැරී ජයවර්ධන ද ලංකාවේ ප්‍රමුඛතම ධන කූවේරයන් සිවි දෙනා අතරේ ඉහළින්ම වැජඹේ.
ස්ටැසන්ස් නම් තේ අපනයන සමාගමක් 1977 දි අරඹා ව්‍යාපාරික අංශයට එක් වෙන මොහු වත්මනෙහි ශ්‍රී ලංකාවේ මධ්‍යසාර වෙළෙදාමේ පාලනය හිමි Distilleries Co. හි සභාපතිත්වය දරයි.ඩෙන්මාර්කයේ කලා,විද්‍යා හා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඔහු දැක් වු දායකත්වයට එරට Queen Margrethe II විසින් ගෙීරව පදවියක්ද Knight’s Cross of Dannebrog ලබා ඇත.
ජෝන් කීල්ස් සමුහයේ හා කෙමිකල් ඉන්ඩස්ට්රස් හි විශාලතම කොටස් කරුවන් ලෙස පර්සියානු සම්භවයක් ඇති කැප්ටන් පවුල කැපි පෙනේ.බැංකු,තීන්ත,කෘෂී,අමුද්‍රව්‍ය,ඇසුරුම්,බෙහෙත්හෙත් හි ස්වකිය ආයෝජන විසුරුවා ඇත.සොහිල් හා රුසි කැප්ටන් මෙම පියපුතු යුගලයේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 185 ඉක්මවයි.
සොහිල් කැප්ටන් මේ වන විට 80 වැවි වියේ පසුවන අතරේ ඔහුගේ පුතු රුසි 48 වියැතිය.ඔහු ෆෝලොරිඩා හි මියාමි සරසවියේ උපාධිධරයෙකු වන අතරේ ආයෝජකයෙකු හා ව්‍යවසායකයෙකුද වේ.
හැරී (64) හා මනෝ (66) සෙල්වනාදන් යනු Carson Cumberbatch, Bukit Darah, Ceylon Beverage Holdings යන ලැයිස්තුගත සමාගම් වල හිමිකරුවන්ය.පාම් තෙල්,මුල්‍ය කළමණාකරණය,දේපොළ වෙළෙදාම හා හෝටල් කර්මාන්තයේ මොවුන්ගේ ව්‍යාපාර කටයුතු විසිරි පවති.
මෙයට සියවසකට පමණ පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වු මොවුන්ගේ පියා මුලින්ම ඉන්ධන හලක් අරඹා මෙරට ව්‍යාපාරික අංශයට අත්පොත් තබා එය ව්‍යාප්ත කළේය.
MAS හෝල්ඩ්ංග්ස් අධිපති මහේෂ් අමලින් ද මෙරට ධන කූවේරයන් අතරේ ප්රමුඛ වේ.