මේ වන විට ලෝක වෙළද පොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි. ඒසේම ඊට සාපේක්ෂව ලංකාව තුල ඉන්ධන මිල පහල දැමීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ඒ මහතා පවසයි.
මේ වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120 සිට ඩොලර් 39 ත් 40 දක්වා පහළ වැටී තිබෙන බවත්, රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවෙන් 40% බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලබාගන්නා බවද ඔහු සදහන් කරන ලදී.
http://sinhala.lankafocusnews.com/archives/7066