Link: galleroadjournal.blogspot.com/2015/03/blog-post.html
කොළඹ කොටස් විකුණන බ්රෝකර්ලගේ කටට මනිපියුලේටිව් තොරතුරු දෙන සහ පත්තර කාරයන්ට නිව්ස් දීමට ප්‍රසිද්ධ කොටස් තැරව් කරුවෙක් පසුගිය අවුරුද්දේ ඒසියා සේකුරිටීස් (2014) සමාගම ක්‍රෙඩිට් සුඉස් හි හොං කොං චීෆ් ඔපරේටිං ඔෆිසර් සහ කළමනාකාර අධ්‍යක්ෂක වෙන දුමිත් ප්‍රනාන්දුට විකුණා ඩිරෙක්ටර් වීමට ඩීල් දැමූ 'කටින් ඩීල් මාකට් කරන්නා' පසුව ඒසියා සේකුරිටීස් හි සේවකයන් ගේ මහත් අප්‍රසාදයට පාත්‍ර වී, එයිනුත් පසුව ඒසියා සේකුරිටීස් රිසර්ච් හි සිටි හොඳම ඇනලිස්ට් ලාගේ සේවය ඇත හැරයාමට හේතු වූ ඇති බව සඳහන් වේ.
ඒසියා සේකුරිටීස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ 'කටින් ඩීල් මාකට් කරන්නා' ඒසියා සේකුරිටීස් රිසර්ච් දෙපාර්තුමේන්තුවේ සිටි හොඳම ඇනලිස්ට් ලාට මාකෙට් එකේ ඔහුට ඕනා කොටස් මනිපියුලේටි කරන අයුරින් රිසර්ච් පබ්ලිෂ් කිරීමට උපදෙස් දීමෙන් ඇනලිස්ට් ලා ඒ ගැන කිපී ඒසියා සේකුරිටීස් සමාගම අතහැර යාමට පටන් ගෙන ඇත. පසුව මෙයින් නව ඒසියා සේකුරිටීස් හිමිකරු දුමිත් ප්‍රනාන්දු 'කටින් ඩීල් මාකට් කරන්නා' ට අස් වී යාමට ඉඟි පළකර ඇත.
මේ අනුව තවත් ආරංචි මාර්ගයක් සඳහන් කරන්නේ 'කටින් ඩීල් මාකට් කරන්නා' දැන් කාගීල්ස් සහ සිලෝන් තියටර්ස් සමුහයට අයත් සීටී ස්මිත් ස්ටෝක්බ්රෝකෙර්ස් සමාගමට සම්බන්ධ වීමට මාන බලන බවයි. ලංකාවේ වැඩිම හොඳම ෆොරින් (සුද්දන්ගේ ) ඩීල් දමන කාගීල්ස් සහ සිලෝන් තියටර්ස් ඇන්තනි පේජ් , රන්ජිත් පේජ්, බබා පේජ්, චන්ඩි පේජ් අයියලාගේ සිංගප්පුරුවේ සිටින නංගි මෙරියාන් පේජ් ගේ ෆොරින් (සුද්දන්ගේ ) ඩීල්, මේ මගින් එනම් 'කටින් ඩීල් මාකට් කරන්නා' කොළඹ කොටස් විකුණන බ්රෝකර්ලගේ කටට සහ පත්තර කාරයන්ට නිව්ස්; ඩීල් වීමටත් පෙර එලියට දීමට ඇති හෙයින් සීටී ස්මිත් අධිපති සිසිලියා මුතුකුමාරු වැනි අය මේ ගැන දෙවරක් සීතීමට හේතු වී ඇත්තේ ලාංකිකයන්ට නොදෙන සුද්දන්ට දෙන හොඳම ස්ටොක් රිසර්ච් 'කටින් ඩීල් මාකට් කරන්නා' හොරෙන් රිලීස් කිරීමට ඇති හෙයිනි.
'කටින් ඩීල් මාකට් කරන්නා' කලක් ඒසියා සේකුරිටීස් විකුණන ඩීල් දැමීමට පෙර තැප්‍රෝබේන් සේකුරිටීස් හි සමාගම් මුල්‍ය අංශයේ ප්‍රධානි වූ අතර, ඊටත් පෙර පීසී හවුස් රිෂාන් ප්‍රියන්ජිත් වීරසූරියලාගෙන් ඔරියන්ට් ගාර්මෙන්ට් ඩීල් එක වීමට පෙර හෙරමිලා සේකුරිටීස් හී වැඩකරමින් මොහොමඩ් රියාස් ට ලක්ෂ පහක කොටස් ගැනීමට තොරතුරු ලබාදී, රියාස්ට සේකුරිටීස් ඇන්ඩ් එක්ස්චේන්ජ් හෙවත් කොටස් වෙළඳපොළ නියාමකයා ඩීල් එක රීවස් කිරීමට අණ දීම නිසා ඔන්න මෙන්න කියා බේරුනි. 'කටින් ඩීල් මාකට් කරන්නා' කරපු පළමු ලොකුම ඩීල් එක වන්නේ එසෆුලි ලාගේ හේමාස් ජේ. එල්. මොරිසොන් පුත්‍රයන්ව රුපියල් බිලියන 1.7 කට 2013 මැදදී මිලට ගැනීමට සැලැස් වීමයි. නමුත් ඒ ඩීල් එක සිදු වී අරන් දවස් 17 කින් , මොරිසොන්ට 13% අදායම් ලබා දෙන බෙදාහැරීමේ ගිවිසුමක් නැති වූ නිසා කොටස් වෙළඳපොලේ සහ ආයෝජන බැංකු ක්ෂේත්රයේ වැඩිය සද්දේ නොදැමූ 'මෙතෙක් අනුන්ගේ ඩීල් කටින් මාකට් කරපු ආයෝජන බැංකු කරුවෙකු දැමු ප්‍රථම ඩීල්' එක ලෙස හැඳින්වූ මෙය මගින් 'කටින් ඩීල් මාකට් කරන්නා' ට ලැබිය යුතු මුදල් නොලැබිණ.