----------------------------------------
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තෙදින නිළ සංචාරයක් සඳහා හෙට දින බ්‍රිතාන්‍යයට ලඟාවීමට නියමිතය.
බ්‍රිතාන්‍යය තීරණාත්මක ජනමත විචාරණයකින් පසුව, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කර ගෙවෙන පැය 48 තුල සිදුවන මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාළන දෙසින් බැලූකල ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරයි.
නව පෙරලියත් සමඟ ස්වාධීන ආර්ථික ඒකකයක් ලෙස කටයුතු කිරීමට සූදානම් වන මහා බ්‍රිතාන්‍යය සමඟ අළුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය මහත් පිටිවහලක් වනු නොවනුමානය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යය කැමරන්ගේ ඉල්ලා අස්වීමත් සමඟ බිහිවන නව දේශපාළන නායකත්වය වෙත ශ්‍රී ලංකා ජනරජයේ ගරැ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන පණිවිඩය සම්ප්‍රේශනය කිරීම හා ඉදිරියේදී ඇතිවීමට නියමිත වෙළඳ හා ආර්ථික සහයෝගිතාවන් සඳහා පදනම සකස් කිරීම විදේශ අමාත්‍යවරයාගේ බ්‍රිතාන්‍යය සංචාරය හරහා සිදුවනු ඇති බව දේශපාළන ආරංචි මාර්ග සඳහන් කර සිටී....
යාලුවන්ටත් බලන්න [share] කරන්න....unp milano.