මේ සදහා පසුගියදා රජයේ අනුමැතිය ලැබි ඇති අතර එළඹෙන සතිය තුළ මේ පිළිබඳව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනිමට කටයුතු කරන බවද මෙම ප්‍රකාශකයා කියා සිටියේය.
මේ අනුව රජය වෙනුවෙන් මහ බැංකුව ඉදිරියේදි ජාත්‍යන්තර ප්‍රවර්ධන ව්‍යාපාරයක් සදහා කටයුතු කරනු ඇති බවද සදහන්ය.
පසුගිය බදාදා වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 6.8 ක් හෙවත් මාස 4.5 ක ආනයන මුල්‍යයනය සදහා ප්‍රමානවත් තත්ත්වයක තිබි ඇත.
මෙම සංචිත මේ වසරේ ඩොලර් බිලියන 9 ක උපරිමයක් දක්වා ඉහළ ගිය තත්ත්වයක්ද තිබිණි.
රාජ්‍ය ණය හා වාරික ගෙවිම් සහා ඉදිරි උත්සව සමය ආශ්‍රීත ආනයන ඉල්ලුම හමුවේ තවදුරටත් විදේශ සංචිත බිද වැටි රුපියලේ අගය තවදුරටත් අවප්රමානය විම වලක්වා ලිම සදහා කොන්දේසි පදනම් වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගෙවුම් ශේෂ ණය ඉල්ලුම් කිරිම වෙනුවට ජාත්‍යන්තරයෙන් මෙලෙස සෛවරිත්ව බැදුම්කරයකට යාම වඩාත් නුවණක්කාර බව රාජ්‍ය මුල්‍ය බලධාරින්ගේ මතය වි ඇත.
පසුගියදා ඉන්දියාවේ රිසර්ව් බැංකුව විසින් ලංකාවට ලබාදිමට එකඟ වු ඉතිරි ඩොලර් බිලියන 1.1කට අදාල ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සහයෝගය ලංකාව ට සැප්තැම්බර් 03 දා ලැබිමත් සමගම මේ දක්වා විනිමය අනුපාත තිරණය කිරිමෙහිලා මහ බැංකුව සිදු කළ මැදිහත් විම් වලින් ඉවත්ව වෙළෙඳ පොළ බලවේග මත විනිමය අනුපාතය තිරණය විමට ඉඩ හැර ඇත.
මෙයට අදාල ඩොලර් මිලියන 400 ක් කලින් ලැබිණි.
ඒත් අවශ්‍ය අවස්ථා වලදි අදාල මැදිහත් විම් සිදු කරන්නට වේවි යැයි විනිමය වෙළෙඳ පොල ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවයට කියා ඇත.මේ අනුව ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්රමානය විම වලක්වා ලිම සදහා පසුගිය සති කිහිපය තුල ඉතා විශාල වශයෙන් රාජ්‍ය බැංකු හරහා සංචිත මුදා හරිමින් මහ බැංකුව මැදිහත් විමි සිදු කළ බව විනිමය වෙළෙන්දෝ කියති.
රුපියල නිදහස් කිරිමත් සමගම රුපියල් 141.38 දක්වා ඩොලරයේ අගය ඉතිහාසයේ අඩුම තත්ත්වයකට පහළ බැස තිබිණි.
අඩු පොලි අනුපාත පසුබිමක ශක්තිමත් ආනයන ඩොලර් ඉල්ලුම හමුවේ මේ වසරේ මේ දක්වා (සිකුරාදා) ඩොලරය සියයට 7.01 කින් පහළ බැස ඇත.
පසුගිය මැයි මාසයේදිද රජය මේ ආකාරයෙන්ම ඩොලර් බිලියන 1.5 ක සෛවරිත්ව ණයකරයකට ගිය අතර එහිදි ලබා ගත හැකි වුයේ ඩොලර් මිලියන 650 ක මුදලක් පමණි.ඒ වසර 10 කින් කල් පිරිමේ පදනමෙනි.
පසුව මහ බැංකුව ජාතික සංවර්ධන බැදුම්කර නිකුතු මගින් අවශ්‍ය විදේශ විනිමය රැස් කරමින් සිටින අතරේ පසුගිය බ්‍රහස්පතින්දා මේ ආකාරයෙන් වන බැදුම්කර නිකුතුවක් මගින් ඩොලර් මිලියන 330ක් රැස් කර ගත්තේය.
කලින් නිකුතුව සිදු කළ Citigroup Global Markets Inc., Deutsche Bank, The Hong Kong and Shanghai Banking Corporation Limited සහ Standard Chartered Bank මෙවර නිකුතුවේද නිකුතු කළමනාකරුවන් ලෙස කටයුතු කරනු ඇති බව සදහන්ය.
එදා නිකුතුව සදහා Fitch Ratings, Moody's Investors Service සහ Standard and Poor's විසින් පිළිවෙලින් BB-', 'B1'and 'B+' ණය ශ්‍රේණි ලබා දි තිබිණි.
පසුගිය 2010 වසරේ නිකුත් කර ඩොලර් බිලියනයක සෛවරිත්ව බැදුම්කරය 2020 දි කල් පිරිමට නියමිතය.