අගෝස්තු මස අගදී පැවති දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් විය. රජයට ලැබීමට නියමිත දිගුකාලීන මූල්‍ය ලැබීම් සමඟ මෙම දළ නිල සංචිත ප්‍රමාණය වසරේ ඉදිරි කාලය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව පවසයි. මේ වසරේ (2015) ගෙවීගිය කාලය තුළදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 7 කින් පමණ පිරිහීමට ලක්ව ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකය වඩාත් නම්‍යශීලී ලෙස තීරණය වීමට ඉඩ හැරීමට ගත් තීරණය සහ ජංගම සහ මූල්‍ය ගිණුම් ස\හා අපේක්ෂිත ලැබීම් හේතුවෙන් ඉදිරි කාලය තුළදී විදේශීය අංශයේ ස්ථායිතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයිද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය.
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com