මෙම සංචිත ප්‍රමාණය මාස 4.2 ක ආනයන පියවා ගැනීමට ප්‍රමාණවත්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකමෙහි අවසාන වාරිකය හා පස්වන ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවේ ලැබීම් මෙන්ම සේවා ගිණුමෙහි සහ විදේශීය සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම්, විවිධ යටිතල පහසුකම් මූල්‍යනය කිරීම සඳහා රජයට ලැබුණු ලැබීම්, විදේශීය සෘජු ආයෝජන සහ කොටස් වෙළඳ පොළ විවිධ ආයෝජන, විදේශීය සංචිතය වැඩිවීමට හේතුවී ඇත.
පසුගිය කාලයේදී වාණිජ බැංකු වලින් ගලාගිය අති විශාල ණය හමුවේ විදේශ විනිමය මත පීඩනයක් ඇති වෙද්දී මහ බැංකුව පොලී අනුපාතය ඉහළ දමා ණය පාලනය කිරීම වෙනුවට විදේශ සංචිත විකුණමින් රුපියලේ අගය ආරක්ෂා කරගත් අතර ඒ නිසා විදේශ සංචිතය සැලකිය යුතු ලෙස පහත වැටුණි.
මෙම ක්‍රියාවලිය පිළිබඳව එල්ල වූ දැඩි චෝදනා හමුවේ මහ බැංකුව විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදුන්නේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1489579753