ඩොක්යාඩ් සාමාන්‍යාධිකාරී වරයාගෙන් පෙරේදා IESL auditorium එකේ දී මේ කරුණ ගැන සත්‍යය හෙලි විණි.
(මහජන ගැලරියේ නිර්භයව ඇත්ත කීම ගැන එතුමාට අපේ ප්‍රනාමය.)
[ as per him]
ඇත්තටම දැනටත් එහි ඉන්දීය වෙල්ඩින් කරුවන් සෑහෙන ප්‍රමාණයක් වැඩ කරති.
බඳවා ගැනීම අවශ්‍ය ප්‍රමාණයට ලංකාවේ අය එන්නේ නැති බැවින් ඔවුන් BOI ව්‍යාපෘතියක් ලෙස අවශ්‍ය අවසර සහිතව ඉන්දියවෙන් වෙල්ඩර්ස් ලා බඳවා ගනිත්.
ඒ අවශ්‍ය පුරප්පාඩු ප්‍රමාණයට ඔවුන් විසින් ම ඉන්දියවෙන් ගෙන් වා ගනිති.
ඒ සඳහා මෙසේ රට විවෘත කරමින් ගිවිසුම් ගැසීමේ අවශ්‍යතාවක් නැති බව ඔහුගෙන් ප්‍රකාශ වීය. [ /as per him]
ඇත්ත වශයෙන්ම මෙසේ ඩොක්යාඩ් කරුණ ඉදිරියට දමා කරන්නේ රටේ සියලු රැකියා එකින් එක ඉන්‍දියානුවන්ට පහසු ඉලක්ක බවට විවෘත කිර දීමය.
ඇමති මලික් සමර වික්‍රම මහතා පැහැදිලිවම කිව්වේ "දැනට අපි විවෘත කරන්නේ" මේ පනතේ ලිස්ට් එකේ ඇති රැකියා ක්‍ෂේත්‍ර විශාල ප්‍රමණයෙන් 2 යි. වෙල්ඩර්ස් ලා හා IT .
එමෙන් ම තව පැහැදිලි කරුණක් මේ වනවිට ඉස්මතු වෙමින් තිබේ. දැන් දැන් මේ ලාංකික දේශපාලකයන් ගේ හැසිරීමෙන් හා නිළධාරීන් ගේ දිව පැටලෙන කතා වලින් පෙනෙන්නේ මේ ගිවිසුම ඉන්දියාව විසින් ලංකාවෙ රජයේ නිවට බවෙන් ප්‍රයෝජන ගෙන ඔවුන් බය කර බලෙන් පැටවීමට ක්‍රියාකරන බවකි.
එමෙන්ම තවත් භයානක වගන්තියක් මේ ගිවිසුම් වල ඉන් දියාව විසින් රිංගවා ඇත.
එනම් 'ජාතික සැළකීම' වේ. National Treatment . මින් අදහස් කරන්නේ ලංකාවේ සේවය කරන ඉන් දියානුවන් සියලු වෘත්තීය කරුණු වලදී ලාංකික සේවකයන් හා සමාන වන අතර හාම්පුතුන් විසින් සියලු දෙනාට එක සමාන ලෙස සැලකිය යුතු බවයි. මෙයද පැහැදිලි ලෙසම ඉන්දීය රජය විසින් බලහත් කාරයෙන් එබ්බවූ එකක් බව බැලූ බැල්මටම පෙනේ.
එමෙන් ම ඊළඟ වගන්තියක් අනුව වෘත්තිකයකු මෙහි සේවය කරන විට ඔහුගේ සහකරුට ද දරුවන් ටද මෙහි විසිය හැකි අතර සහකරුටත් මෙහි රස්සාවක් කළ හැකි බවයි.
(උදා : අපේ රූප ලාවන්‍ය කට්ටියට දෙයියන් ගෙම පිහිටයි. නමට හරි ඉන්දීය ලේඩිස් ලා සැලොන් දැම්මම අපේ අය වේලෙන එක ගැන කතා දෙකක් නැත. එ මෙන් ම කම්පැනි සෙකට්‍රි වැනි අයටද මහත් තර්ජන එනු ඇත)
Note: මේ කතා සිංහලෙන් පමණක් දමන්න මම අදහස් කරමි