Chinwi wrote: . ඔබට අනුව එකට ඇති විකල්පය SAITM පන්නයේ උපාදි කඩය ය .ඔබට අනුව රට ඉදිරියට යන්නේ නිදහස් අද්‍යාපනය නැතිකර A/L pass වීමට බැරි සල්ලි යහමින් ඇති සියල්ල SAITM යවා දොස්තර ලා කලවිට ය . ඔබට අනුව රටට යහපත් දොස්තර කෙනෙක් ලැබෙන්නේ එවිටය..
ඔබට අනුව දක්ෂතාවය අනුව A/L උපරිම ලකුණු ලබාගෙන රජයේ medical faculty යන උන් පට්ටම ආත්මාර්තකාමීන්ය, A/L S 3ක් ගැනීමට බැරුව අම්මගේ තාත්තාගේ සල්ලි වලින්, බලපුලුවන් කාරකමින් SAITM ගොස් ප්‍රමිතියක් නැති උපාදියක් රැගෙන දොස්තර වෙන එවුන් පට්ටම හොදය.. පට්ටම සේවාවක් ලබාගත හැක්කේ එවැනි උත්තමයන් ගෙන්ය..
නිවැරදි පුහුණුව සමග අදාල විභාග pass වී වෛද්‍ය වරයෙක් වීමේ කිසිදු වරදක් නැත.
මේ එක් අන්තයක සිටින අය හිතන හැටිය. ඔය නිදහස් අද්‍යාපනය වැනසීමේ කතාව අපි දැක්කේ 1970-80 ගනන් වල සිට. එය තම කල්ලියට තරුණයන් එකතු කර ගැනීමට ඇති ආයුධයකි.
ඒ දිනවල හොඳම විහිලුවක් වූයේ නිදහස් අද්‍යාපනය සඳහා ඓතිහාසික උපකාරයක් කළ ලලිත් ඇතුලත්මුදලි ලා ගේ මහපොලින් ජීවත් වෙමින් නිදහස් අද්‍යාපනය වනසනවා යැයි දෙස් දෙවොල් තබමින් ඊනියා සතුරෙක් මවා ගෙන එම පාලනයට විරුධව පාරවල් දිගේ පෙලපාලි යාමය.
මෙතෙක් පැවති සියලු රජයයන් අද්‍යාපනය සඳහා අවධානය යොමු කල මුත් දහස් සංක්‍යාත දරුවන් ගේ අද්‍යාපනය විනාස කළේ මේ විරෝධාකල්ප කාරයන් .
ලංකාවේ ජන ගත වී ඇති මහ පිළිලයක් වන්නේ සල්ලි කාරයන්ට ඇති උපන් ගෙයි විරෝධයය.
මෙය මා හිතන ලෙස නිදහසට පෙර සිටම ධනපතියන් ගේ පීඩනයට ලක්වූ දුප්පතුන් ඉලක්ක කරගත් මාක්ස්වාදී සංවිධාන ජනතාව වෙත පැතිරවූ දෙයකි. එකල එහි යම් සාධරනත්වයක් වීය.
නමුත් මේ පෝසතුන් යනු දුප්පතුන් ගේ සතුරන් පිරිසක් ය යන්න අද දුප්පතුන්ටම හානියක් ගෙන දෙන සිතුවිල්ලකි.
ඒ බොහෝ සල්ලි කාරයන් සල්ලි හම් බ කිරීම සඳහා ජීවිතයම කැප කල අයුරු කවුරුත් නොසලකති. සල්ලි කාරයන් සල්ලි වලින් උපාධි ගන්නවා යන්න මේ මානසිකත්වය මත ගොඩ නංවන මිත්‍යාවකි.
ජීවිතයේ අවස්ථාවන් යනු ධනවාදී ලෝකයේ ධනය , හැකියාව, බුද්ධිය, කුලය , ජාතිය , උපන් රටේ ආර්ථිකය ආදී බොහෝ දේ මත තීරණය වෙයි.
මුදල් ඇති කම එක් බලයක් පමණි. දුප්පත් අයට අසාධාරන වෙනවා යැයි කියා මුදල් බලය නැවැත්විය නොහැක.
දුප්පත් අයට නොමිලේ ඉගැන්වීමට උසස් පෙල පෙරනය භාවිත වේ. ඉන් පෙරා ගන්නා ටික දෙනෙකුට මහජන මුදලින් අද්‍යාපනය ලබා දේ.
ඉතිරි අයට මුදල් බලය ලබාගෙන ඉන්පසු එම මුදල් භාවිතාකර ඉගෙනීමට අවස්ථාව තිබිය යුතුය. මුලින් සුලු රැකියාවක් කර ඉන් මුදල් බලය ලබගෙන ඉහල යන්න අවස්ථාව තිබිය යුතුය. කාර්මිකයකුට ඉංජිනේරු විභාග සමත් විය හැකිනම් වරලත් ඉංජිනේරුවකු විය හැක .
නර්ස් කෙනෙකුට අවශ්‍ය නම් දොස්තර කෙනෙක් වන්නට අවස්ථාව තිබිය යුතුය. අද දොස්තරලා නර්ස් ලට දොස්තර වෙන්න නොව නර්සිං උපාධියක් දෙනවාට පවා විරුද්ධව හෙලුවෙන් නටති.
එක්තරා දෙපාර්තමේන්තුවක දුප්පත් කම්කරු වෙක් ලෙස සේවය කළ මා දන්නා තරුණ මහත්මයෙක් පසුව තාක්‍ෂණික විද්‍යාලයක අද්‍යාපනය ලබා ඉන්පසු වෙනත් රැකියාවක් කර ඒ මුදලින් IESL විභාග සමත්ව අද එම ආයතනයේ වරලත් ඉංජිනේරු අද්‍යක්‍ෂ ධූරයකට පත්ව ඉතාම සාර්ථක ව සේවය කරයි.
මුදල් යනු ඕනෑම කෙනෙකුට තම අභිවෘද්ධිය සඳහා භාවිතා කළ හැකි ලෝක සම්මත බලයකි.
එය තමන් දුක් විඳ ලබා ගන්නවාද, තම දෙමවුපියන් ගෙන් ලැබුනාද යන්න යෙදවීමේ ඇති අයිතියට අදාල නැත.
අද කොටස් වෙළෙඳපලේ ආයෝජනය කරනවා යැයි කියූ විට සමහර පවුල්වල අය පවා බලන්නේ සල්ලි මත පීනන්න හදන 'කැත' චරිතයක් ලෙසය. සල්ලි හම්බකරන අය ධනපති හැත්ත ලෙස හැඳින්වූ කාලයක් තිබුණි.
අප ආයෝජනය කරන්නේ ද මුදල් වල ඇති බලය ජීවිතයට එක් කර ගැනීමටය. සංචාරය, දරුවන් ගේ අද්‍යාපනය, නිවාස ආදී නොයෙක් දේ ලබා ගැනීමටය.
A/L O/L pass වීමට බැරි කෙනෙකු ඔබට අනුවම 'ඉහල වෛද්‍ය විභාග ' සමත් වන්නේ කෙසේද යන්න ඔබට නොවැටහීම ගැන කණගාටුවක් ඇත..
ඒකම තමයි ඉතින් මාත් කියන්නේ. වසර 5 ක් පුරා වෛද්‍ය පාඨමාලාව අද්‍යයනය කර තේරුම් ගෙන අව්සානයේ සමත් වෙන්න බැරි නම් ඉතින් ප්‍රශ්නේ ඉවරයි නේ.
( සල්ලි වලට උපාධි සහතිකෙ දෙනවා යැයි හිතාගෙන ඉන්න අයට මෙය අදාල නොවේ)
පුලුවන් එකා සමත් වෙයි. සමත් උනා කියන්නෙ qualified .
බුද්ධිය හා දැනුම ලබා ගත්තේ මහජන මුදලින් ඉගෙන ගෙනද , බදු ගෙවමින් තමන් ගෙ මුදලින් ඉගෙන ගෙනද යන්න අදාල නැත.
කෙසේ උනත් බුද්ධි වර්ධනය හා කාර්‍යක්‍ෂමතාව ඒ ඒ වයසට වෙනස් වේ.
ඉහලින් AL සමත් සමහර අය කැම්පස් වල වාත වෙන බව ඔබ දන්නවා ඇතැයි සිතමි. එමෙන්ම වසර 18-19 දී මනස ව්‍යාකූල ව AL අඩු ලකුණු ගත් බොහෝදෙනෙක් පසු කාලවලවයස 24-25-30 වනවිට ඉතාම දක්‍ෂ අය වූ අවස්ථා බොහෝය.
මා දන්නා සමහර ආයතනවල පාලනාධිකාරියේ ඉහලින්ම වැඩ පෙන්නා කටයුතු කරන වැඩි දෙනා මේ වගේ අයයි. ඒ අය ඉදිරියේ සමහර පොතේ ගුරා ලා මිරිකෙති. වෛද්‍ය ක්‍ෂේත්‍රයේද රෝහල් වලද මෙවැනි සිද්ධීන් ඇත.
ඉහල සාර්ථකත්වයක් ලබන සමහර විසේසඥ වෛද්‍ය වරු කැම්පස් එකේ දී සාමාන්‍ය් පුද්ගලයන් ය.
ඒ නිසා එක දිනයක එක කඩ ඉමකදී පසු ගාමී උනා කියා ඔහු හෝ ඇය නුසුදුස්සෙකු, මෝඩයකු , බැරි කෙනෙකු නොවේ.
ඔහු සමහර විට ලංකාවේ යම් ක්‍ෂේත්‍රයක බිහි වෙන දක්‍ෂතම පුද්ගලයා විය හැක.