ගිය ආණ්ඩුව චන්දෙන් පැරදිලා ගෙදර යන කොට මහ බැංකුවේ විදේශ සංචිත ඩොලර් බිලියන 8 කට වැඩිය තිබුණි...එය දැන් ඩොලර් බිලියන 5 කට අඩු වී ඇත...ආණ්ඩුවේ කෙරුමොන්ගෙන් සල්ලි වලට මොකද වුනේ කියල ඇහුව ම, " අනේ ඉතින් ගිය ආණ්ඩුව කප්පරක් ණය අරන් තිබ්බනේ , අපි ඔන්න ඔහේ ඒ ණය ගෙව්ව, බලන්න නේද මුන් රටම ණය කරල ගිහිල්ල අපිටනෙ ඉතින් මේ ඔක්කොම අදින්න වෙලා තියෙන්නෙ..." කියල.. " ඉතින් ඔය ණය ගෙව්වම දැන් රටේ එහෙම ණය සෑහෙන්න අඩු වෙලා ඇති නේද ...පොඩි ගාණක් නෙවෙයි අප්ප ගෙව්වෙ...." කියල ඇහුවම "පිස්සු ද අප්ප...ඒ ණය ගෙව්වට අපි අලුතෙන් ණය ගත්තනෙ...රාජපක්ෂය ඉන්න කාලේ වගේ නෙවෙයි..එයාට දුන්නේ වැඩි පොළියට අපිට දෙනව දැන් ලොකේන් එලෝ එලෝ අඩු පොළියට ණය දෙනවනෙ...අම්මප කියන්න අපේ සිරිසේන මහත්තය ගෙ පින් පාටටයි රනිල් මහත්තයගෙ මොළෙටයි තියෙන සැලකිල්ල තමයි...." එතකොට දෙන උත්තරේ ඒකයි...ඊට පස්සෙ ඇහුවම "දැන් ඉතින් ඔය සල්ලි වලට මොකද කරේ...." කියල ඒකට දෙන උත්තරේ " ණය ගෙව්වනේ මල්ලි...රාජපක්ෂය ගත්ත ණය තමයි.." කියා ආයිත් මැක්කගෙ කතාව වගේ උත්තරේ දෙනව...
කොහොම හරි ඒ රෝල් කතාව කෙළවර තමයි ණය ප්‍රමාණය ගත්තම ගෙව්ව ගෙව්ව කිව්වට ගිය ආණ්ඩුව වෙලාවේ තිබ්බ ණය බැලන්ස් එක ඒ විදියට තියෙන බවයි...ඒක තමයි සෙන්ට්‍රල් බෑන්ක් එක කියන්නෙත්..රටේ ගෙවන්න තියෙන ණය අඩු වෙලා නැහැ කියල...එතකොට හත්දෙය්යනේ ඩොලර් බිලියන 8 ක් තිබිච්ච සල්ලි ඩොලර් බිලියන 5 වෙනකන් මොන ල...ක් ද කරේ...? යකෝ මුන් යුද්ධ කරාද? පාරවල් හැදුව ද? වරායවල් හැදුව ද..? එයා පෝට් හැදුව ද..? අඩු ගානේ බන්ට් එකක්වත් හැදුව ද...රාජපක්ශල හදපුව විවෘත කර කර ගියා මුන්ගෙ වගේ...
හොරකම් කතා, වංචා දූෂණ ඔක්කොම ඇත්ත කියමු කො..ඒත් ආණ්ඩුව මාරු වෙන වෙලාවෙ විදේශ සංචිත ඩොලර් බිලියන 8.8 තිබ්බ කියල මුන් පිළි ගන්නවනේ...අපි අහන්නේ මේ සල්ලි ගැන....
දැන් සල්ලි නැහැ කියල හම්බන්තොට වරාය දෙන්න යනව...පී.පී.පී. කිව්වත් බොට් කිව්වත් ඔක්කොම අන්තිමේ දි කෙලවර වෙන්නෙ විකුණල තමයි...විජේදාස රාජප්ක්ෂ මහත්තය නියම කතාවක් කියල තිබ්බ පාර්ලිමේන්තුවෙ...
දැන් ඩොලර් බිලියන 8 ක් තිබ්බ එක 5 අඩු කරගත්ත වැඩේම කරන්නනෙ ඩොලර් බිලියන 1.1 හම්බන්තොට වරාය දෙන්නෙ..ඕක දීල ගන්න සල්ලි හම්බ කරන වැඩකට නෙවෙයි නෙ දැන් දාන්නෙ..වියදන් කරන Wඅඩකටනෙ...එහෙම් නැත්තන් විදේ සංචිත ටික ඉතුරු වෙලා තියෙන්න ඕනනෙ...මදි පාඩු වෙන කොට ඊගාවට විකුණන්නෙ මොකක්ද...? විකුණල විකුණල අන්තිමට ඉතුරු වෙන්නෙ මොනාද?
තෙල් අඩු වුනා...යුද්ධෙ නැති වුනා..කෝ ඉතුරු වෙන සල්ලි...?
ජනාධිපතිතුමා ( එතුමත් මේ ඔක්කොම දන්නව, නොදන්නව වගේ පෙන්නුවට _) මඩු වලිගෙ තියාගෙන ඉන්නව බ්‍රෙසියර් ගලවල විසිකරන කෙල්ලන්ට තලන්න...
බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බ වෙලාවෙ ජෝන් කොතලාවල මහත්තය එතුමාව බලල දුකෙන් ( බණ්ඩාරනායක මහත්තයයි කොතලාවල මහත්තයයි හොඳ යාලුවෝ දේශපාලනේ වෙනස් වුනත්) හොස්පිටල් එකෙන් එළියට එන කොට ලඟ දොර ගාව හිටපුන් පොලීසියේ මහත්ත්ය සෙලියුට් එකක් ගැහුවලු..ඒ දැකල ජෝන් කොතලාවල මහත්තය කිව්වලු " තොපේ සෙලියුට් ගහගනින් පු..." කියල....
රටට දෙය්යන්ගෙම පිහිටයි කියල තමයි කියන්න තියෙන්නෙ