නියාමකයා සීරුවෙන්
කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් ගනුදෙනු කිරීමේදී සිදුව ඇතැයි කියන වංචා හා අසාමාන්‍ය වෙළඳ පොළ ක්‍රියාකාරකම් 50 ක පමණ සංඛ්‍යාවක් පිළිබඳව පැමිණිලි ලැබී තිබෙන බවත් ඒවා ගැන විමර්ශන ආරම්භ කර තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම කියයි.
මෙම පැමිණිලි 2010 වසරට අදාළව ලැබී තිබෙන අතර ඒවායින් සමහරක් නිශ්චිත සාක්ෂි නොමැති නිසා ඉවත දමා තිබෙන බවත් සාක්ෂි තිබෙන සමහර ඒවාට විරුද්ධව නඩු පවරා තිබෙන බවත් 2010 වාර්ෂික වාර්තාවෙන් කොමිසම සඳහන් කර තිබේ.
කොමිසම පවසා තිබෙන්නේ මෙවැනි පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ 20 ක් පසුගිය වසරේදී සිදුකළ බවත් මෙහිදී පුද්ගලයින් තිදෙනෙකුට විරුද්ධව නඩු පැවරූ බවයි.
අභ්‍යන්තර තොරතුරු රැගෙන වංචනික ලෙස කොටස් ගනුදෙනු කිරීම (insider dealing) පිළිබඳ පැමිණිලි 05 ක් ගැන කොමිසම විසින් මේ කාලයේදී පරීක්ෂණ පවත්වා තිබෙන අතර මින් දෙකක් ප්‍රමාණවත් පරිදි සාක්ෂි නොමැතිවීම නිසා ඉවත දැමූ බව සඳහන්ය.
http://www.vimasuma.com