සමාගමේ පුරෝගාමී මූල්‍ය සේවා ආයතනයන් වන ලංකා ඔරික්‌ස් µsනෑන්ස් පී.එල්.සී. (ඛධFC), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් µsනෑන්ස් පී.එල්.සී. (PLC) සහ LOLC මයික්‍රො ක්‍රෙඩිට් ලිමිටඩ් (LOMC) ඇතුළු සමූහයේ මූල්‍ය සේවා ක්‌ෂේත්‍රය බදු පෙර ලාභයට 73 % ක දායකත්වයක් ලබාදී ඇති අතර, පෙර වසරේ ලද රුපියල් බිලියන 4.1 ක ලාභයට සාපේක්‌ෂව, රුපියල් බිලියන 3 ක වර්ධනයක් මේ වර්ෂයේදී පෙන්නුම් කරමින් රුපියල් බිලියන 7.1 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. පසුගිය වසරට සාපේක්‌ෂව මධ්‍යස්‌ථ වර්ධනයක් වාර්තා කර ඇති වෙළෙඳ ක්‌ෂේත්‍රය, බදු පෙර ලාභයට දක්‌වා ඇති දායකත්වය රුපියල් මිලියන 577 කි.
මූල්‍ය සේවා අංශයේ පොලී ආදායම 15% කින් ඉහළ යැම සහ ණය නිකුත් කිරීමේ කැපී පෙනෙන වර්ධනය ඉහළ ආදායම් ලැබීමට හේතු වී ඇත. වෙළඳපොළේ පොලී අනුපාතික පහත වැටෙමින් පවතිද්දී LOLC සමූහ ව්‍යාපාරය ලද මෙම වර්ධනය ප්‍රශංසනීය වේ. 2013/2014 වර්ෂයේදී පැවති රුපියල් බිලියන 91 ක ණය නිකුත් කිරීමේ ගිණුම රුපියල් බිලියන 140 දක්‌වා වර්ධනය වෙමින් සමස්‌තයක් ලෙස රුපියල් බිලියන 48කින් පුළුල්වී තිබේ. අඩුවන පොලී අනුපාතික මත දේශීය බැංකු සහ විදේශීය මූල්‍ය සහකරුවන් වෙතින් ලබාගත් අරමුදල් සඳහා වැය, පෙර වසරට සාපේක්‌ෂව 17% කින් අඩුවී ඇත. ණය නිකුත් කිරීමේ ගිණුම ඉහළ යැම සමාගමේ සමස්‌ත වර්ධනයට දක්‌වා ඇත්තේ ඉහළ දායකත්වයකි. මෙලෙස අරමුදල් ලබාගැනීමේ පිsරිවැය පහත වැටී ඇත්තේ එම ගිණුම සමස්‌තයක් ලෙස රුපියල් බිලියන 47 ක් දක්‌වා පුළුල්වී තිබියදී වීම විශේෂත්වයකි.
LOFC, වත්මන් මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 2.2 ක බදු පෙර ලාභයක් වාර්තා කර ඇති අතර එය 2013/2014 වර්ෂයේදී ලද රුපියල් බිලියන 1.4 ක ලාභයට සාපේක්‌ෂව 54% ක දැවැන්ත වර්ධනයකි. පසුගිය වසරේදී රුපියල් බිලියන 1.3 ක බදු පෙර ලාභයක් ලැබූ CLඛC මෙම වසරේදී එය රුපියල් බිලියන 1.7 දක්‌වා වර්ධනය කරමින් 34% වර්ධනයක් සලකුණු කර තිබේ. LOLC ක්‌ෂුද්‍ර ණය ප්‍රමුඛයා වන LOMC 2014/2015 මූල්‍ය වර්ෂය තුළදී රුපියල් බිලියන 1.6 ක බදු පෙර ලාභයක් වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්‌ෂව 53% කින් වර්ධනය වී තිබේ. වසර තුළදී මෙලෙස ආදායම් වර්ධනයක් සලකුණු කරද්දී හිඟ ණය එක් රැස් කිරීම, මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සහ නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ නැංවීම කෙරෙහිද අවධානය යොමු කර ඇත. ඇති විය හැකි බොල් ණය සහ අඩමාන ණය සඳහා ප්‍රතිපාදනයන් අදාළ නීත්‍යානුකූල අවශ්‍යතාවන්ට වඩා සිදු කර ඇති අතර, එමගින් ඉදිරි වර්¨ෂයන් සඳහා සමාගමේ ආයෝජන කළඹ ශක්‌තිමත් කිරීම අපේක්‌ෂා කරයි.
LOLC විදේශීය ආයෝජනයන් වන කාම්බෝජයේ PRASAC සහ TPC, LOLC සමූහයේ ලාභයට රුපියල් බිලියන 1.8 ක් එක් කළ අතර, සෙලාන් බැංකුවේ LOLC කොටස් ආදායම රුපියල් බිලියන 1.1කි. කාම්බෝජයේ විශාලතම ක්‌ෂුද්‍ර මූල්‍ය ආයතනය වන PRASAC හි 22.25% ක හිමිකාරත්වය LOLC සතුවේ. පෙර වසරට සාපේක්‌ෂව PRASACහි ලාභය 65% කින් වර්ධනය වී ඇත. කාම්බෝජයේ පස්‌වැනි විශාලතම ක්‌ෂුද්‍ර මූල්‍ය ආයතනය වන TPC, LOLC මගින් 2014 වසරේදී මිලදී ගත් අතර, වත්මන් වසරේදී 59% ක ලාභ වර්ධනයක් සලකුණු කර තිබේ. මියන්මාරයේ සිදු කෙරෙන LOLC Rජු ආයෝජනද ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර ඉදිරියේදී අපේක්‌ෂාවන් අභිබවා යනු ඇතැයි විශ්වාස කෙරේ.
පසුගිය වසරේ ලද රුපියල් මිලියන 761 ක මෙහෙයුම් අලාභයට සාපේක්‌ෂව මේ වසරේදී රුපියල් මිලියන 520 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට බ්‍රවුන් සහ සමාගම සමත් වී ඇත.
සිය දිගුකාලීන ව්‍යාපාර ක්‍රමෝපාය වන දීර්ඝකාලීන වශයෙන් ශක්‌තිමත් වර්ධනයක් ලැබිය හැකි අංශයන්හි ආයෝජනය පෙරදැරි කරගෙන, බ්‍රවුන්ස් ඉන්වෙස්‌ට්‌මන්ට් පී.එල්.සී.(ඊෂ) අනාගත වර්ධනය ඉලක්‌ක කරගත් ආයෝජන රැසක්‌ම මූල්‍ය වර්ෂය තුළ සිදු කරන ලදී. බ්‍රවුන්ස් ඉන්වෙස්‌ට්‌මන්ට් යටතේ ක්‍රියාත්මක සංචාරක හෝටල් අංශය වසර තුළ රුපියල් මිලියන 560 ක අලාභයක් වාර්තා කර ඇත. ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්‌පා, දික්‌වැල්ල රිසෝට් ඇන්ඩ් ස්‌පා, සහ පැරඩයිස් රිසෝට් ඇන්ඩ් ස්‌පා සමූහයේ පිරිවැටුමට දායක වූ අතර, පාසිකුඩා හි ඉදිකළ කාම් රිසෝට් ඇන්ඩ් ස්‌පා, ඉදිරි සති කිහිපය තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීට සූදානම් වී ඇත. සමුද්‍රd බීච් රිසෝට් නිම වෙමින් පවතින අතර, බේරුවල රිවරිනා සැලසුම්වලට අනුකූලව ප්‍රගතියක් ලබමින් සිටී. සමූහය මගින් මාලදිවයිනේ සංචාරක දේපළ දෙකක ආයෝජන සිදු කර ඇති අතර LOLC සංචාරක හෝටල් අංශයේ පියසටහන් පුළුල් කරමින් ඉදිරි මාස කිහිපය තුළ ඉදිකිරීම් ආරම්භ කෙරේ. මෙය ඉදිරි වර්ෂවලදී සමූහයේ සංචාරක හෝටල් අංශයේ ධනාත්මක ප්‍රගතියට ඉවහල් වනු ඇත.
බ්‍රවුන්ස් ඉන්වෙස්‌ට්‌මන්ට් මගින් මූල්‍ය වර්ෂය තුළදී ශ්‍රී ලංකා ජොයින්ට් වෙන්චර් සමාගමේ ඉතිරි 50% ක කොටස් මිලදී ගත් අතර, එමගින් එහි දේපළ වන මතුරට ප්ලාන්ටේෂන් සහ පුස්‌සැල්ලාව ප්ලාන්ටේෂන් මෙන්ම වතු වැවිලි ක්‌ෂේත්‍රයේ අනිකුත් අනුබද්ධ සමාගම්වල පාලන අයිතිය හිමිකර ගෙන තිබේ. LOLC සමූහයේ දිගුකාලීන ව්‍යාපාර හා වර්ධන ක්‍රමෝපායට අනුකූලව බ්‍රවුන්ස් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ස්, එම සමාගම්වල මෙහෙයුම් කටයුතු, ව්‍යාපාර ක්‍රියාවලිවල සංවර්ධනයන් දැනටමත් ආරම්භ කර ඇත.
වසර පුරා පැවති අභියෝගකාරි සහ වෙනස් වන සුළු ව්‍යාපාර පරිසරය තුළ 2014 / 2015 මූල්‍ය වර්ෂයේදී අත්කර ගත් සමස්‌ත ලාභ වර්ධනය සහ ව්‍යාපාර ව්‍යාප්තිය පිළිබඳව අතිශයින් සතුටු විය හැක. අපගේ මූල්‍ය සේවා අංශය සුවිශේෂී වර්ධනයක් සලකුණු කළ අතර, අනෙකුත් ව්‍යාපාරයන්ද සමූහයේ දිගුකාලීන ක්‍රමෝපායට අනුකූලව උද්යෝගිමත් ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. සමූහයේ ශක්‌තිමත් ලාභ වර්ධනය පිළිබඳ පැහැදිලි කරමින් LOLC සමූහ කළමණාකාර අධ්‍යක්‌ෂ/ප්‍රධාන විධායක නිලධාරි කපිල ජයවර්ධන මහතා පැවසීය.