එංගලන්තයේ අලෙවිකරණය පිළිබඳ ආයතනය මඟින් එරට හොඳම සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඉකුත් දා ගෝලීය සම්මානය ද පිරිනැමිණ.
මේ අතර එංගලන්තයේ සුප්‍රකට පුවත්පතක් වන ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉදිරියේදී අනභිභවනීය වර්ධනයක් අත් කැර ගනු ඇතැයි අනාවැකි පළ කෙළේය. ඉකුත් 15 දා එම පුවත්පත වාර්තා කළ පරිදි 2011 දී ශ්‍රී ලංකාව ලොව සංචාරකයන් අතර හොඳම ගමනාන්තයක් ඇති රටක් ලෙස තේරී පත්වන අතර ක්‍රිකට් වසන්තයත් සමඟම ලෝක සංචාරක කර්මාන්තයේ ප්රමුඛ අවධානය හා ආකර්ෂණය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කුමන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳව පුළුල් අවධානයක් ඇති වී තිබෙන බවත් සඳහන් වෙයි.
ලොව සංචාරය කළ යුතු හොඳම හා සුරක්ෂිතම රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළින්ම පසුවන අතර ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පෙන්වා දෙන ආකාරයට; ක්‍රිකට් වසන්තය, ශ්‍රී ලංකාවේ සුරක්ෂිතභාවය, ස්වභාවික සෞන්දර්යය, පාරිසරික සංචාරය, ඉපැරැණි ශිෂ්ටාචාරය හා පුරා විද්‍යාත්මක ස්ථාන හා විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ සංචාරකයන් ගේ ඉහළම ආකර්ෂණය දිනා ගනු ඇතැයි පැවසෙයි.ඉකුත් වසරේදී සංචාරකයන් ලක්ෂ හත ඉක්මවූ සංඛ්‍යාවක් මෙරට පැමිණි අතර 2011 සහ ඉන් ඉදිරි කාලය මෙරට සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය වනු ඇති බවත් සඳහන්ය.
http://www.silumina.lk/2011/02/20/