අජිත් අලහකෝන්
දිවයින පුරා නාගරික ප්‍රදේශවල කිසිවකු පදිංචි නැති හිස් ඉඩම් සියල්ල රජයට පවරා ගැනීමට තීරණය කර ඇත.
කොළඹ නගර සීමාව තුළ පමණක් මෙවැනි ඉඩම් 175 ක් තිබෙන බව ද මහනුවර, කුරුණෑගල, ගාල්ල, කෑගල්ල වැනි ජනාකීර්ණ ප්‍රදේශවල ද මෙවැනිම අතහැර දැමූ ඉඩම් හඳුනාගෙන ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසුවේය. මෙසේ කිසිවකු පදිංචි නොවන, නිසි ලෙස නඩත්තු නොකරන හිස් ඉඩම්වලට බොහෝ පුද්ගලයන් කසළ බැහැර කිරීමට ද පුරුදු වී සිටින අතර නිසි ලෙස ශුද්ධ පවිත්‍ර නොකිරීම නිසා ඇතැම් ඉඩම් කැලෑ බවට පත්ව ඇතැයි ද ඉහත නිලධාරියා කීවේය.
එම නිසා මෙම හිස් ඉඩම් මදුරු තවාන් බවට පත්ව තිබෙන බව කී එම නිලධාරියා ඩෙංගු මර්දනය සඳහා මෙය විශාල බාධාවක්‌ව ඇතැයි ද කීය.
මෙම ඉඩම් හඳුනාගෙන ඒවා රජයට පවරා ගැනීමට තීරණය කර ඇත්තේ එම හේතූන් නිසා බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
http://www.divaina.com/2012/07/01/news01.html