අද පැවති විශේෂ කොම්ෂන් රැස්විමේදි ,මේබව තීරණය වි ඇති බව පවසන කොමිෂම මේ අනුව,තැරුවිකාර ආයතන වල ශූද්ධ ප්රාග්ධනය මෙන් තුන් ගුණයක් දක්වා ආන්තික ණය සැපයිමට අවසරය ලැබෙන බව කියයි.
නව රේගුලාසි අනුව,මෙම ගැලපුම් කරන ලද ශූද්ධ ප්රාග්ධනය ගණනය වන්නේ අදාල තැරුවිකාර ආයතනයේ ස්ථාවර වත්කම් වලින් සියයට 50 ක් දක්වා අගයක් ශූද්ධ ප්‍රාග්ධනයෙන් අඩු කල පසුව ලැබෙන අගය මත බවද කොම්ෂම පවසයි.
නව රේගුලාසි අනුව,මෙතෙක්,තැරුවිකාර ප්‍රජාවට රුපියල් බිලියන 5 ක් දක්වා ඒකාබද්ධව ආන්තික ණය සැපයිමට තිබු අවස්ථාව, රුපියල් බිලියන 8.7 දක්වා ඉහළ නැංවෙන බවද සදහන්ය.
කලින් තිබු රේගුලාසි අනුව,තමන්ගේ වත්කම් සීමාවේ සිට මෙම ආන්තික ණය ලබා දිමට හැකියාව පමණක් තිබුනද නව රේගුලාසි අනුව,තැරුවිකාර ආයතන වලට තමනගේ ආන්තික ණය ලබා දිමේ හා ලබා ගැනිමේ තොලනයන් වඩා ඵලදායිකව යොදා ගෙන තමනගේ මුල්‍ය ව්‍යාපාර වඩා පුළුල් ලෙස කිරිමට අවස්ථාව ලැබෙන බවද පැවසේ.
කෙසේවෙතත්,තැරුවිකරුවන් ඉල්ලු මිල සීමා (Price Bands) ඉවත්කිරිමේ ඉල්ලිම පසුවට සලකා බැලිමට නියමිත බවද සඳහන්ය.
මේ අතර ආරංච් මාර්ග පවසන්නේ ,කොම්ෂමේ නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවයක් නැතත් සම්මුඛ පරික්ෂණ අනුව අවසන් වටයට තේරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නිතිවේදියෙකු වන කොළඹ රාජකිය විද්‍යාලයේ ආදි සිසු හා එහි හිටපු විදුහල්පතිවරයෙකු වන සී.ටී.එම් ප්‍රනාන්දු මහතාගේ පුත් හර්ෂ ප්‍රනාන්දු හා ප්‍රකට ආයෝජන බැංකුකරුවෙකු,නීතිවේදියෙකු ,ද්විත්ව සුදුසුකම් ලද ගණකාධිකාරිවරයෙකු හා ඒෂීයා සෙකුරිටීස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසු නිෂාන් සුමණධීර අතර කරට කර සටනක් තිබෙන බවයි.
රජයේ ඉහළ නියමයෙන් මේ සදහා නම් වුයේ යැයි කියන තවත් ආදි රාජකීයෙකු වන වරුණ ඈපැසිංහගේ නම මේ වන අධ්‍යක්ෂක ජෙනරාල් සටනේ ඇසෙන්නට නැති බවද මේ අතරේ තැරුවිකාරුවෝ පවසති.
කොළඹ කොටස් තැරුවිකරුවන්ගේ සංගමය ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසි කලඉල්ලිමි වලට අනුව මෙම ආන්තික ණය සහනය ලැබි ඇති අතර එහිදි ඔවුන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ තබන ලද එම යෝජනාවලිය මෙසේය.
1.තමනගේ ශූද්ධ ප්‍රාග්ධන ප්‍රමානයෙන් තුන් ගුණයක් දක්වා ආන්තික ණය පහසුකම් සැපයිය හැකි සේ තැරුවිකාර ආයතන මත පනවා ඇති ආන්තික ණය සීමා බන්ධන මුළුමණින්ම ඉවත් කිරිම-මෙය වෙළෙඳ පොළ ද්‍රවශිල බව ඉහළ යාමට තුඩු දෙන කාරණාවකි.2010 සැප්තැම්බර් 14දා ට පෙර තැරුවිකාර ආයතන වලට තම ශූද්ධ ප්‍රාග්ධන ප්‍රමානයෙන් 10 ගුණයක් දක්වා ආන්තික ණය පහසුකම් සැපයිය හැකි සේ වතාවරණයක් සැලසි තිබු බවද සදහන් කළ යුතුය.වර්තාමානයේ ලබා දෙන ආන්තික ණය ප්‍රමානය තීරණය වන්නේ තැරුවිකාර ආයතන වල දුවශිල වත්කම් වලින් එහි බැදිමි (වගකිමි) අඩු කර ලැබෙන ගණනය කිරිමි මතය.මෙය ශුණ්‍ය තොලනයට සමානය.වර්තමානයේ මෙම ආන්තික ණය සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් නියාමක විසින් සිදු කරනු ලබන අතර අනාගතයේ මෙම ලබා දෙන ණය සම්බන්ධයෙන් ඇති අවධානම අඩු බවට අපට තක්සේරුවක් ලබා දිය හැක.මන්ද,කොළඹ කොටස් වෙළෙඳ පොළ නව රේගුලාසි අනුව තැරුවිකරුවන් විසින් ක්‍රමවත් අවධානම් කළමණාකරණ ක්‍රමවේදයක් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බැවිණි.
2.රහසිගත සුත්‍රයකට අනුව ක්‍රියාත්මක වන ලැයිස්තුගත සමාගම් වල මිල උච්චාවචනයන් සම්බන්ධයෙන් පනවා ඇති මිල සීමා බන්ධනයන් ලිහිල් කිරිම- කොටස් වෙළෙඳ පොළ ස්වාධින මිල තීරණය විමේ යාන්ත්රනයට වන බලපෑම් ඉවත් කිරිමේ අරමුණින් මෙම ඉල්ලිම සිදු කර ඇත.සමාගමක කොටස් මිල තීරණය කිරිමේ ක්‍රියාදාමයේදි සියළු දෙනාටම සමානව සක්‍රිය සහභාගිත්වය ලැබෙන පරිදි ක්‍රමවේදියක් මෙහිදි අප සංගමය යෝජනා කරන අතර ඒ අනුව එක් දිනකදි විශාල වශයෙන් අසාමාන්‍ය අන්දමින් සමාගමක මිල උච්චාවචනයන් සිදු වන අවස්ථාවක අන් රටවල මෙන්ම කලකට ඉහත මෙරටද ක්‍රියාත්මක වු පරිදි අදාල මිල උච්චාවචනය බදුන් වන සමාගමේ ගනු-දෙනු සිදු විම ස්වයංක්‍රියව තාවකාලිකව නතර කර ඊට අදාල කරුණු විමසිමක් කොළඹ කොටස් වෙළෙද පොළ නිසි බලධාරියෙකු විසින් සිදු කර ඒ අනුව ඇතිවන තත්ත්වයන් මත නැවත සමාගමේ ගනු-දෙනු සිදු කිරිමේ ක්‍රියාදමයක් හදුන්වා දිම වඩාත් සුදුසු යැයි අප විශ්වාශ කරමු.
3.දැනට වාණිජ බැංකු තමනගේ මුළු ණය කළඹෙන් කොටස් වෙළෙඳ පොළ ආන්තික ණය අවශ්‍යතා වෙනුවෙන් මුදා හැර ඇති සියයට 5 සීමාව සියයට 7.5 දක්වා ඉහළ නංවා ලිම-පසුගිය වසරේ වාණිජ බැංකු මෙම ආන්තික ණය සීමා සමිබන්ධයෙන් නියාමක වෙතින් කිසිදු සීමාවක් නොතිබුණි. රටේ ආර්ථීකයේ වර්ධනය වන අංශයන්ට ණය සීමා පුළුල් කිරිම සම්බන්ධයෙන් මිට වඩා නම්‍යශීලි බවක් තිබිය යුතු බව අප සංගමය විශ්වාශ කරන අතර මෙය බැංකු වල අභීමතය පරිදි සිදු විම වඩා උචිත බවද අප විශ්වාශ කරමු.
4.ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලයලත් විදෙස් ආන්තික ණය පහසුකම් සපයන ආයතන වෙත ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දිම-ශ්‍රී ලංකාවේ 1918 මුදල් ණයට දිමේ ආඥා පනත අනුව විදෙස් සමාගම් සදහා මුදල් ණයට දිමේ ක්‍රියාදාමය තහනම් කටයුත්තක් වේ.නමුත් අප අවධාරණය කර සිටින්නේ ආන්තික ණය දිම රටේ සුරැකුම්පත් වෙළෙඳ පොළ සම්බන්ධයෙන් විශේෂ කටයුත්තක් බවයි. මහ බැංකුව මගින් මෙලෙස විදේශ ආයතන වලටද ආන්තික ණය දිමේ සීමා පුළුල් කිරිම තුලින් ආයෝජකයිනගේ නව මුල්‍යමය අවශ්‍යතා සපුරාලිමක්ද සිද්ධ වේ.එමෙන්ම ,යුද්ධයෙන් පසු රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවර්ධනයට මෙන්ම විදේශ අරමුදල් මෙරටට අද්දවා ගැනිම සම්බන්ධයෙන්ද මෙම නීති රීති ලිහිල් කිරිම මගින් මහැගි දායකත්වයක් ලැබෙන බවද අපේ විශ්වාශයයි.
5. තැරුවිකාර සමාගම් හි කොළඹින් බැහැර ශාඛා ව්‍යාප්ත කිරිමේ ක්‍රියාදාමයෙහිදි දැරිමට සිදු වන වියදමි වලින් කොළඹ කොටස් වෙළෙඳ පොල මගින් සියයට 50කද දායකත්වයක් ලබා දිම.-කොළඹ කොටස් වෙළෙඳ පොළ යනු ලාභ ලැබිමේ පරමාර්ථයෙන් තොර ඇපයෙන් සීමිත සමාගමක් වන අතර එය රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොල ව්‍යාප්ත කිරිමට සදහා අවශ්‍ය විශාල අරමුදල් වලින් පොහොසත්ව පවති. මේ නිසා මෙම අරමුදල් සක්‍රියව මෙම කාර්යයට යෙදවිම මගින් රටේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රවර්ධනය වනවා සේම නව රැකියා අවස්ථාද ජනිත වි සමස්තයක් ලෙස රටේ ආර්ථීක සංවර්ධනයට මෙම කාර්යයන් මහගු පිටු වහලක්වන බව අපේ මතයයි.
6. රජයේ ආයතන වලන් කොළඹ කොටස් වෙළෙඳ පොළට සක්‍රිය දායකත්වය ලබා ගැනිම -මෙම ගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයතනගත සහභාගිත්වය ඉහළ නැංවේ.
Source :
http://randoralk.wordpres.com/2012/01/16/broker-creditකොළඹ-කොටස්-ආන්තික-ණය-සීම/