ද ෆිනෑන්නස් සමාගම වෙතින් ඔවුන්ගේ ඡන්ද හිමි සාමාන්‍ය කොටස් (Voting Cshares) මිලදී ගැනීම සඳහා 2011 ජනවාරි මස මුල සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට යෝජනා කර තිබිණි. මෙහිදී ද ෆිනෑන්නස් සමාගම පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් සිදුකරනු ලැබීමෙන් අනතුරුව ආසන්න වශයෙන් 8.33% තෙක් ඡන්ද හිමි සමාන්‍ය කොටස් මිලදී ගැනීමට බැංකුව විසින් කැමැත්ත ඵළ කරන ලදී. කෙසේ වුවද කොටස් නිකුතුව සම්බන්ධයෙන් අධි ඉල්ලූමක් ඇතිවීම හේතුවෙන් කොටස් මිලදී ගැනීමට නොහැකි විය.
මේ ආකාරයෙන්ම ද ෆිනෑන්ස් සමාගමේ ඡන්ද හිමි සාමාන්‍ය කොටස් මිලදී ගැනීම සඳහා කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවනකු වෙතින් 2012 මාර්තු මස බැංකුවට ඇරයුම් ලැබිණ. බැංකු විසින් සවිස්තරාත්මක විශ්ලේෂණයක් 2011 ජනවාරි මස සිදු කරන ලැබ තිබූ හෙයින් වැඩිදුර විශ්ලේෂණයක් සමගින් උපායමාර්ගික මුලපිරීමක් ලෙස මෙම ආයෝජනය සලකා බැලීමට ආයතනික ණය හා කොටස් ආයෝජනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටුව විසින් තීරණය කරන ලදී. වැඩිදුර විශ්ලේෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ද ෆිනෑන්ස් සමාගමෙහි ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 10%-15% ත් අතර මිලදීගැනීම සම්බන්ධයෙන් සලකා බලන ලදී. කෙසේ වුවද මෙම ආයෝජනය මගින් සුවිසල් ප‍්‍රතිලාභ අත්නොවන බව අධ්‍යක්ෂ මණ්ඩලයට පෙනීගිය හෙයින් මෙම ගනුදෙනුවට නියමිත ගෙවීම සිදු නොකිරීමට තීරණය කරන ලදී.
උක්ත තීරණය ජාතික ඉතිකිරීමේ බැංකුවේ සමත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2012 මැයි මස 01 දින මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සමඟ පැවති රැස්වීමේදී දැනුම් දෙන ලදී. ඒ අනුව අදාළ අනෙකුත් පාර්ශ්වයන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. බැංකුව සිය මූලික ක‍්‍රියාකාරකම්වලින් මෑත් නොවී යුතු බවත්, බැංකුව අවදානම් සහිත පැතිකඩවලට නිරාවරණය නොකොට මහජන විශ්වාසය දිගින් දිගටම පවත්වා ගනිමින් ප‍්‍රමුඛ පෙළේ ඉතිරිකිරීමේ බැංකුවක් ලෙස ප‍්‍රවර්ධනය කරන ලෙස මහාභාණ්ඩාගාර ලේකම්වරයා උපදෙස් දෙන ලදී.
සාමාජීය වශයෙන් සවිඥානික හා වගකීමෙන් කටයුතු කරන රජයට අයත් මූල්‍ය ආයතනයක් ලෙස අතීතයේ සිදුකළ අයුරින්ම ඉදිරියේදී ද අප බැංකුවේ සියලූ සම්ප‍්‍රදායයන් දිගින් දිගටම සුරකමින් අප තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ සමස්ත සුබසිද්ධිය ප‍්‍රමුඛ කොට සලකමින් ඔබේත් රටේත් දියුණුවේ නියමුවා ලෙස තවදුරටත් කටයුතු කිරීමට අපගේ ස්ථීර සාර ප‍්‍රතිඥාව මහජනතාව හමුවේ තබන්නෙමු.
කොටස් ගනුදෙනුවට සම්බන්ධ ප‍්‍රධාන කොටස් හිමියන්
කොටස් හිමියා කොටස් ප‍්‍රමාණය කොටස්වල රුපියල්වටිනාකම
මිලියන) (අධි මිල යටතේ) රු.මිලියන
දිනාල් විජේමාන්න 2.9 145.25
රේනෝද දිල්වා 2.9 145.25
නන්දදේව පෙරේරා 0.669 34.48
යෝගානන්ද පෙරේරා 0.667 33.38
රුවන් වී සුගතදාස 0.23 10.68
ආර්.පී.වීරසූරිය 0.183 8.26
එන්ඞීබී/චන්න නලින් රාජ්මනී 0.1 4
අනුර ප‍්‍රනාන්දු 0.05 2.2
ඉතිරි කොටස් හිමියන්ට 0.28
එකතුව 7.986 391
ලංකාවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව ආයෝජකයන් සහ තරැුව්කරුවන් පොදුවේ දරන අදහස් තිබේ. එසම්, ‘ඔබට රුපියල් මිලියක් කොටස් වෙළෙඳපොළේ වියදම් කළ හැකි නම් අවශ්‍ය දේ ගන්නත් විකුණන්නත් පුළුවන්. ඔටබ රුපියල් මිලියන පහක් වියදම් කළ හැකිනම් ඕනෑම කොටස් ප‍්‍රමාණයක් මිලදී ගැනීමට හෝ විකිණීමට හැකි වෙළෙඳපොළක් ඇතිකර ගත හැකියි. (create a market) ඒ වගේම ඔබට රුපියල් මිලියන 10ක් කොටස් වෙළෙඳපොළේ දී වැය කළ හැකි නම් වෙළෙඳපොළක් ගොඩනගා ගනිමින් ඔබේ මිලට (create a market with own price) ඕනෑම කොස් ප‍්‍රමාණයක් මිලදී ගැනීමට හෝ විකිණීම කළ හැකියි.’ කොටස් වෙළෙඳපොළ ආශ‍්‍රිත විවිධ මට්ටම්වල දන්න තුඩ’ග රැව්දෙන මෙම ප‍්‍රකාශයෙහි සරල අදහස, මුදල් වැය කළහැකි නම් කොටස් වෙළෙඳපොළ තුළ ඕනෑම දෙයක් කරගත හැකි බවයි.
පසුගිය කාලය පුරාවටම සුබදායක මෙන්ම අසුබදායක පුවත් මැවූ ලංකාවේ කොටස් වෙළෙඳපොළ පසුගිය සතියේ නැවත උණුසුම් වුණේ ‘ද ෆිනෑන්ස් සමාගම්’ සතු 13%ක කොටස් ප‍්‍රමාණයක් එම සමාගමේ එදිනෙදා ගනුදෙනු වූ කොටස් මිල වටිනාකමට වඩා ඉහළ අගයකට එනම් උක්ත කොටස් ප‍්‍රමාණය රුපියල් මිලියන 39කට මිල දී ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු කිරීමත් සමඟය.
සාඩම්බර ඉතිහාසය දෙදරා යාම
1940 එවකට පැවති සමාගම් පනත යටතේ සත්වැන්නා ලෙස ලියාපදිංචි වු ද ෆිනෑන්ස් සමාගම ලෙස සැලකෙයි. මුලික වශයෙන් මෝටර් රථ සඳහා මූල්‍ය පහසුකම් සැලසූ සමාගම පසුව කුලි සින්නක්කර ගැනුම්, ඉඩම් හා දේපොළ, කොස් වෙළෙඳපොළ ගනුදෙනු, ස්ථාවර තැන්පතු ආදී සේවාරැසක්. පුරා වසර 70කට වැඩි කලක් ගනුදෙනුකරුවන් විෂයයෙහි ලබාදීමට සමත් විය. 2008 වසරේ සිදුවූ ගෝලීය ආර්ථික අර්බුදය හා වෙනත් හේතුමත, සෙලින්කෝ සමූහව්‍යාපරයේ සමාගම් එකිනෙක බිඳ වැටෙන විට ද ෆිනෑන්ස් සමාගමටද ගැලවීමක් නොවීය. අවසන් ප‍්‍රතිඵලය වූයේ සමාගමේ සභාපතිත්වය, උප සභාපතිත්වය ඇතුලූ ඉහළ අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනස්කම් ගණනාවක්ද සිදුවෙමින් සමාගම සෙලින්කෝ සමූහයෙන් වෙන්වීමය.
මේ අවස්ථාව වන විට සමුච්චිත අලාභය බිලියන ගණනක්වීමත්. කොටසක ඉපැයීම ඍණ අගයක් ගැනීමත් හේතුවෙන් සමාගම බංකොළොත්භාවයට පත්වීමට ආසන්නව තිබූණු අතර මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතා සමාගම ගොඩනැනීමට ජනක රත්නායක මහතා පත් කළේය. සමාගම ගොඩනනු වෙනුවට ඔහු කළේ ද ෆිනෑන්ස් සමූහ භාවිත කරමින් තම පුද්ගලික වත්කම් තරකර ගැනීම බවට චෝදනා තිබේ. මේ හේතුවෙන් ජනක රත්නායක වෙනුවට කබ්රාල්ගේම මිතුරකු වූ සහ මහ බැංකුවේ උපදේශක තනතුරක් දරන ගණකාධිකාරිවරයකු වූ ප‍්‍රීති ජයවර්ධන ද ෆිනෑන්ස්හි සභාපති ධුරයට පත් කරන ලද්දේය. ඒ සමඟම අධ්‍යක්ෂ මණ්ඩලයෙහිද වෙනස්කම් සිදුවූ අතර කුප‍්‍රකට ව්‍යාපාරිකයකු වූ අජිත් දේවසුරේන්ද්‍ර, දිනාල් විජේමාන්න, කමල් යටවර, ආර්. නඩරාජා ඇතුලූ පිරිසක් එහි අධ්‍යක්ෂවරුන් ලෙස පත්වූහ. මැදියත්වීම් සහ නව ප‍්‍රාග්ධනය යෙදවුවද ද ෆිනෑන්ස් යථා තත්ත්වයට පත්කිරීම අතිශය අපහසු වූයේ වගකීම් පියවීම සඳහා පැවති ඇතැ’ති මුදල් හිඟය, ආයෝජනවලින් සිදුවූ ඉපැයිම් අපේක්ෂා කළ ප‍්‍රමාණයට නොපැමිණීම ආදී හේතුන් නිසාය.
පසුගිය කාලවකවානුව පුරාම රුපියල් 30කට හෝ ඊට ආසන්න අගයක පැවති ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම සහ විකුණුම් අපේක්ෂා කළ මට්ටමක නොතිබුණු බව සමාගමේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉතිහාසය පිරික්සීමේදී පෙනීයයි.
වරද කාගේද?
සමාගමේ තත්ත්වය මෙසේ පවතිද්දී පසුගිය අපේ‍්‍රල් 27 වැනි දින, ආසන්නන වශයෙන් ද ෆිනෑන්නස් කොටසක් රුපියල් 50බැගින් සමාගමේ කොටස් හිමියන් 15 දෙනෙකු සතු කොටස් මිලියන 7,986ක සංඛ්‍යාවක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව මිලදී ගත්තේය. (එයින් ප‍්‍රධාන පෙළේ කොටස් හිමියෝ හතර දෙනෙකි.) ඒ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැරැුව්කරු වූ තැප්‍රොබේන් සෙකියුරිටීස් මගපෙන්වීම යටතේ මෙවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නෙ බැංකුවක් අතරමැදිව කටයුතු කරමින් කොටස් විකුණුම්කරුවට/කරුවන්ට මුදල් ගෙවා. ගැනුම්කරුගෙන් බැංකුව එම මුදල තමා වෙත අයකරගැනීමය. මේ ගනුදෙනුවේදී එම බැංකුව ලෙස කටයුතු කළේ සම්පත් බැංකුවයි.
මෙහිදී, ද ෆිනෑන්ස් ආයතනයෙහි ඉහළ කොටස් හිමිකාරීත්ත්වයක් සහිත දිනාල් විජේමාන්න (කොටස් මිලියන 2.9), රේනෝද සිල්වා (කොටස් මිලියන 2.9- ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වන අතර හිරු ගුවන් විදුලිය අයත ඒබීසී ආයතනයේ හිමිකරුය), නන්දදේව පෙරේරා (කොටස් මිලියන 0.669), යෝගා පෙරේරා (කොටස් මිලියන 0.667), ඇතුළු ආයෝජකයෝ 15 දෙනෙක් (වගුව 1 බලන්න) තමන් සතු වූ කොටස් මිලියන 7.986ක සංඛ්‍යාවක් (එක් කොටසක්) රුපියල් 50ක් වැනි අධිමිලක් යටතේ මුළු කොටස් ප‍්‍රමාණය සඳහා රුපියල් මිලියන 391ක් ගැනුම්කරු වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් බලාපොරොත්තු වූහ. මේ ගනුදෙනුව සිදුවීමට පෙර ද ෆිනෑන්ස් කොටසක් පැවතියේ රුපියල් 30ට ආසන්නවය. එසේ නම් ඕනෑම අයකුට මතුවන මූලික ප‍්‍රශ්නය වන්නේ අධිමිලකට ද ෆිනෑන්ස් සමාගම වැනි ආයතනයක කොටස් මිලදී ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව යොමුවූයේ ඇයි ද යන්නය. එපමණකුදු නොව මේ ගනුදෙනුව පිළිබඳව මතු වූ සැකසංකා බොහොමයකි. පසුගිය මූල්‍ය වසරේදී සමුච්චිත අලාභය රුපියල් බිලියන 9කට ආසන්න වූ ද ෆිනෑන්නස් සමාගමේ කොටසක අගය එකවරම රුපියල් 20කින් පමණ වැඩිවුයේ කෙසේද? අධිවටිනාකමකට කොටස් මිලදී ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව පොළඹ වූයේ කවුරුන්ද? මේ ගනුදෙනුව සිදුවූයේ ජාතික ඉතිරි කිරීමේ බැංකු අධ්‍යක්ෂ මඬුල්ලේ පූර්ණ එකඟතාවෙන්ද? ගනුදෙනුව අධිවටිනාකමකින් තීරණය වූ පසුව ද ෆිනෑන්ස් සමාගමේ කොටස් අගය එම මට්ටමමේ හෝ ආසන්නව පැවතියාද? ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මේ මිලදී ගැනීමට පෙර වෙළෙඳපොළ නිරීක්ෂණය කළේද? ඒ කා සමඟද? ඉහළ වටිනාකමකට තීන්දු වූ ගනුදෙනුව ජනාධිපති නියමයෙන් නවතා දමන්නේ ඇයි.?
මේ ප‍්‍රශ්න සඳහා දැනට පවතින කරුණු ඇසුරින් නිගමනයකට එළැඹීමේදී පෙනීයන්නේ. අනාගත පූර්වාපේක්ෂණයකින් සිදුකළ මිල දී ගැනීමකට එපිටින් වූ දැවැන්ත මුදල් කන්දරාවක් පිරිසක් විසින් සාවද්‍ය ලෙස පරිහරණය කළ අයුරකි. ගනුදෙනුව සඳහා සහභාගි වූ ඇතැම් පාර්ශ්වකරුන්ගේ මැදිහත්භාවය ගනුදෙනුවෙහි සැකය තවත් තහවුරු කරයි. ඒ සඳහා ද ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ කොටස් විකිණීම සඳහා ඍජුව පාර්ශ්වකරුවකු වූ දිනාල් විජේමාන්න මහතාගේ ක‍්‍රියාකලාපය කදිම නිදසුන් සපයයි. එක් අතකින් ඔහු ද ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. අනේක අතට තැප්‍රොබේන් සෙකියුරිටීස් නම් තැරැව්කාර ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාය. ඔහු සතු ද ෆිනෑන්ස් කොටස් ප‍්‍රමාණයක් තිබියදී. ඇනෙකුත් විකුණුම්කරුවන් 14 දෙනා වෙනුවෙන් මෙම ගනුදෙනුව සඳහා තැරැව්කරු ලෙස කටයුතු කිරීමට ඔහුට හැකිද? තමන්ද පාර්ශ්වකරුවකු වන ගනුදෙනුවකදී තමන් සතු තරැව්කාර සමාගමක් හරහා මෙය ජාතික ඉතිරි කිරීමේ බැංකුවට විකිණීමට පිඹුරුපත් සකස් කිරීමක් මිලදී ගැනීම සඳහා උපෙදස් දීමත් කළ හැකිද? පැහැදිලි ලෙසටම මෙහිදී සම්බන්ධතා අතර ගැටුමක් (Conflict fo interest) ඇතිව තිබේ. මේ ආකාරයෙන් විකුණුම්කාර පාර්ශ්වයත් ගැනුම්කාර පාර්ශ්වයත් තාක්ෂණික වශයෙන් එක් පාර්ශ්වකරුවකු වීම (විකුණුම්කාර දිනාල් විජේමාන්න ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ තරැව්කරු ලෙස කටයුතු කිරීම) සමාන කළ හැක්කේ තමන්ද විත්තිකරුවකු වන නඩුවක් තමන් විසින්ම විසඳාලන විනිසුරුවරයකුටය. තොරතුරු වාර්තා වන අන්දමට ජාතික ඉතිරි කිරීමේ බැංකු පාර්ශ්වයෙන් එහි සභාපති ප‍්‍රසාද් කාරියවසම් මහතා (ඇය අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දේශපාලන පත්කිරීමක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිධුරයට පත්කරන ලද්දකි.) ගනුදෙනුව සඳහා ඉහළ උනන්දුවකින් කටයුතු කර තිබේ. ඔහුගේ උනන්දුව කොතෙක්ද යත් රුපියල් මිලියන 390ක ගනුදෙනුව සභාගත කිරීමටත්, මෙහි තැරැුව්කාර ආයතනය ලෙස තැප්‍රෝබේන් සෙකියුරිටීස් නම් කිරීමටත්, අධිමිලකට කොටස් මිලදී ගැනීම සඳහා සෙසු අධ්‍යක්ෂවරුන්ට ඒත්තු ගැන්වීමටත් කාතාරියවසම් මහතා දැඩි පරිශ‍්‍රමයක් දරා ඇතිබව වාර්තාවෙයි.
ගනුදෙනුව පිළිබඳ අටඅනුවක් ප‍්‍රශ්න මාධ්‍ය මගින් මතු කළද ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේගැන කිසිවක් මුලදී පැවසූවේ නැත. ඒ වෙනුවට කතා කළේ ද ෆිනෑන්ස් සමාගමය. එහි සභාපතිවරයාත්, අධ්‍යක්ෂවරයකු වූ කමල් යටවරත් මාධ්‍යයට අදහස් දැක්වූහ. ඔවුන්ගේ විග‍්‍රහයට අනුව තම සමාගමේ කොටස් ඉහළ මිලට ලබා ගැනීම හරහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සිදුකර තිබෙන්නේ උපායමාර්ගික සැලසුම්සහගත ආයෝජනයකි. මෙය මුළුමනින්ම ඉදිරි වෙළෙඳපොළ පදනම් කරගත් ගනුදෙනුවක් බවට ප‍්‍රීති ජයවර්ධන, ද ෆිනෑන්නස් හි සභාපතිවරයා සනාථ කරයි. මෙම අදහස් දැක්වීම හොරාට කලින් වැටපැනීමක්ද? නොඒසේ නම් ගැනුම්කරුගේ අභිලාශයෙන් ටක්කෙටම දැනගත් විකුණුම්කරුවකුගේ ප‍්‍රකාශයක්ද? පසුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවද ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් කරුණු සාධාරණ බුද්ධියක් ඇති පුද්ගලයකුට කෙතරම් පිළිගත හැකිද යන්න වැදගත් කාරණාවකි. (එම ප‍්‍රවෘත්ති නිවේදනය වෙනම පළවෙයි.)
සම්පත් බැංකුවේ අලාභය
ගනුදෙනුව සිදු වූ අපේ‍්‍රල් 27වැනිදිනට පසුව යෙදුණු පළමු වැඩ කරන දිනය වූ අපේ‍්‍රල් 30 වැනි දින (T-1) ගනුදෙනුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය අවධානය යොමු කරමින් දැඩි ලෙස පැවසූවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සතු මහජන මුදල් පුද්ගලික ආයතන ගොඩනැගීමට යෙදවීමත්, අඩුමිල කොටස් අධිමිලකට මිලදී ගැනීමත් පිටුපස විශාල අබිරහසක් පවතින බවයි. මාධ්‍ය දැඩි ලෙස ප‍්‍රශ්න කළද ගනුදෙනුවෙන් දෙවැනි සහ තෙවැනි දින පෙරවරු 11 වන තෙක්ම (T+2, T+3) ගනුදෙනුව අවලංගු කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු කළේ නැත. මේ නිසා සිරිත් පරිදි කොටස් වෙළෙඳපොළ ගැනුම් විකුණුම් සිදුකිරීමේ බලය පැවරුණු එක් බැංකුවක් ලෙසට සම්පත් බැංකුව සිය පාර්ශ්වකරු (ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙනුවෙන් විකුණුම්කරුට රුපියල් මිලියන 394ක් නිකුත් කළේය. මේ ගනුදෙනුවේදී කොටස් වෙළෙඳපොළ තුළ සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට සම්පත් බැංකුව සම්බන්ධ වු අතර, තම ගැනුම්කරු වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව කොටස් වෙළෙඳපොළේ බලයලත් බැංකුවක් (Custodian) වූ නිසාම ගනුදෙනු පියවීමේ දිනට (T+3) රුපියල් මිලියන 390ක් ද ෆිනෑන්න්හි කොටස් විකුණුම්කාර පාර්ශ්වකරුවන්ට ගෙවීමට කටයුතු කළේය.
ගනුදෙනුවෙන් දින 3කට පසුව (T+3) තත්ත්වය බැරුරුම් වූ බැවින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනාධිපතිවරයා කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවකට මැදිහත්වෙමින් මුදල් ගෙවීම අතිහිටුවීය. එහෙත්, ඒ වන විට සම්පත් බැංකුව ගනුදෙනුව පියවා හමාරය. මෙම ගනුදෙනුව සඳහා සම්පත් බැංකුවේ ක‍්‍රියාකලාපය 100%ක්ම නීතිගරුක වුවත්, ගනුදෙනුවෙන් පසු එළැඹි කාලය සලකා බලා සම්පත් බැංකුව පසුවිපරමක යෙදුණි. නම්, ජනාධිපතිවරයාගේ ඓශ්චර්යයාත්මක බලයෙන් නවතා දැමුණු ගනුදෙනුව සඳහා වැය කළ රුපියල් මිලියන 390ක් අපතේ නොයන්නට ඉඩ තිබුණි. දැන් වාර්තා වන අන්දමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ මුදල අය කර ගැනීමට නීතියේ පිළිසරණ පැතීමට සම්පත් බැංකුව දැනටමත් කටයුතු කර තිබේ.
මේ උභතෝකෝටික තත්ත්වය හමුමේ දැඩි අපහසුතාවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද පත්ව සිටී. සාමාන්‍ය තත්ත්වය තුළ දී ගනුදෙනුවක් අත්හිටුවිය හැක්කේ ගනුදෙනුව සිදුවී පළමුවැනි හා දෙවැනි දිනය තුළය. එහෙත් ජනපති අණින් ද ෆිනෑන්ස් ගනුදෙනුව තුන්වැනි දිනයේදී නතර කරන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට යන එන මං නැති විය. යම් හෙයකින් බැංකුව මේ ගනුදෙනුව අවලංගු කළහොත්, නිසැක ලෙසම බැංකුව අර්බුදයකට ලක්වන බව සුරැුකුම්පත් හා විනිමය කොමිසමේ සාමාන්‍යාධිකාරීනී රේණුකා ජයවර්ධන මහත්මිය පුවත්පත්වලට කියා ඇත. ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ ගනුදෙනුව අවලංගු කළහොත් මුලින්ම, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හිමි ‘කොටස් වෙළෙඳපොළ තුළ කීර්තිමත් අතරමැදියකු ලෙස කටයුතු කිරීමේ බලපත‍්‍රය’ අහෝසි වීම ප‍්‍රතිඵලය වීමට නියමව තිබිණි. පසුගිය මැයි 9 වැනිදා ඒ අවාසානාවන්ත ඉරණමටද ජාතික ඉතිරිකිරීමේ බැංකුව පත්විය. එදින ජාතික විනිමය හා සුරැුකුම්පත් කොමිසම විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතු ‘කස්ටෝඩියන් ලයිසන්ස්’ අවලංගු කරන ලදී.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස් වෙළෙඳපොළ කටයුතු පිළිබඳ වූ බලපත‍්‍රය අහිමි වනවා පමණක් නොවතැන්පතු හිමියන්ගේ විශ්වාසයද බිඳ වැටී බැංකුව අර්බුදයකට ලක්වීමටද ඉඩ තිබේ. පූර්ණ විනිවිදභාවයකින් හා නීතියට අනුකූල ලෙස කටයුතු කළ සම්පත් බැංකුවට සිදුවූ රුපියල් මිලියන 390ක පාඩුව හේතුවෙන්, කොටස් වෙළෙඳපොළ තුළද ඉතා ඉක්මන් ප‍්‍රතිචාර දක්නට ලැබේ. එනම් කොටස් වෙළෙඳපොළේ සම්පත් බැංකු කොටස්වල යම් මිල අඩුවීමක් පෙනෙන්නට තිබීමයි. මෙම ගනුදෙනුව පිළිබඳව විනිමය හා සුරැුකුම්පත් කොමිසමද පරීක්ෂණයක් සිදුකරන බව එහි සභාපති තිලක් කරුණාරත්න පවසයි.
අතීතයෙන් පාඩම් උගත්තේද?
අයහපත් මූල්‍ය කළමනාකරණය, නියාමකයන්ගේ නිද්‍රාශීලීතාව ඇතුළු සමස්තයක් වශයෙන් රටේ පවතින අයහපත් මූල්‍ය ක‍්‍රමය හේතුවෙන් රටේ ජනතාවට විඳවන්න සිදුවූයේ වරක් දෙවරක් නොව, ප‍්‍රමුඛ බැංකුව, එච්පීටී, වණික්, සෙලින්කෝ සමුහය ආදී සෑම අවස්ථාවකදීම අනතුර කල්තියා දැනගන්නට රටේ පාලකයන් අපොහොසත්වීමෙන් පාරට වැටුණු ජීවිත ඕනෑතරම්ය. කොටස් වෙළෙඳපොළෙ තුළ ද සිදුවූ දැවැන්ත වංචාවන් ඉදිරියෙහි නෑසුකන්ව සිටිමින් තමන්ගේ වගකීමෙන් පලායන්නට ආණ්ඩුව ප‍්‍රමුඛ නියාමන ආයතනයන්ට හැකිව තිබෙන්නේ වාණිජ කැරුණු පිළිබඳ වූ පාරදෘශ්‍යභාවයෙහි අඩුපාඩුව නිසාය. එබැවින් දැන්වත් ආර්ථික ක්ෂේත‍්‍රය පිළිබඳව පුළුල් විමර්ශනය කැරෙන ස්වාධීන ආයතන ව්‍යුහයක් ඇති කළ යුතුව තිබේ.
මෙබදු වංචාකාරී ගෙනුදෙනුවල වගකීම අවසන් වශයෙන් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය භාරගත යුත්තේ මෙබඳු ක‍්‍රියා පාලනය කිරීමේ මූලික වගකීම ඔවුන් පැහැර හැර ඇති නිසාය. මේ තර්කය විග‍්‍රහ කර ගනිමු. 2008 වසරේ ඇති වු ආර්ථික අවපාතයත් සමඟ ලංකාවේ ආර්ථිකයේ ද හැලහැප්පීම් සිදුවිණ, සෙලින්කෝ සමූහයේ ඇද වැටීම මේ සඳහා කදිම නිදසුනකි. මේ අවස්ථාවේදී රටේ මූල්‍ය ක්ෂේත‍්‍රය කඩා නොවැටී පවත්වාගෙන යෑම සඳහා අනුගමනය කළයුතු කෙටිකාලීන ප‍්‍රතිකර්මයක් රජයගනු ලැබීය. එය පැසසුම් කටයුතුය. නමුත් නැවත වතාවක් මෙබඳු කඩා වැටීමක් ඇති නොවීමට වගබලා ගන්නා ආකාරයෙන් ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම රජය හිතාමතාම මග හැරියේය. මේ තත්ත්වය හොඳින් දැකගත හැක්කේ අසමත් ව්‍යාපාර නැවත පවරා ගැනීම, ඒවා ගොඩනැංවීම සඳහා පුද්ගලයන්ට භාරදීම සහ ඔවුන් විසින් සිදුකළ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉදිරියෙහි රජයේ නිහඬ පිළිවෙතින් නිරූපණය වන්නේ රටේ මහජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා වූ අත්නොහැරිය හැකි වගකීම සහමුලින් අතරහැර ඇති බවයි. මේ තත්ත්වය පහදාදීමට නිදසුන් බොහෝ වෙති. සෙලින්කෝ සමුහයට අයත් ශ‍්‍රීරාම්, ඞීඑල්ඞීසීඅයිආර් ආදී සමාගම් බොහොමයක පාලනය මහ බැංකුවේ අධිපති අජිත් කබ්රාල් භාරදුන්නේ ඔහුගේ මිතුරන්ට බව ප‍්‍රසිද්ධ කරුණකි. ඔවුන් විසින් ආකර්ෂණීය සැලසුම් ඉදිරිපත් කරමින් ගනුදෙනුකරුවන්ට මුදල් වෙනුවට සමාගමේ කොටස් නිකුත් කර එම කොටසක අගය ව්‍යාජ ලෙසින් නංවන්නට කටයුතු කළ ආකාරය ශ‍්‍රීරාම්, එන්ට‍්‍රස්ට්, නේෂන් ලංකා, සීඅයිආර් වැනි සමාගම් විසින් සිදුකළ දැට නිදසුන්ය. මේ සෑම අවස්ථාවකදීම මහ බැංකුව සිටියේ නෑසුකන්වය. මහ බැංකුව මේ ආයතන ආරක්ෂා කරන තත්ත්වයක සිටි බැවින් විනිමය හා සුරැකුම්පත් කොමිසමද කිසිවක් කළේ නැත. එමෙන්ම කලකට ඉහතදී ශේෂපත‍්‍ර වටිනාකමකින් තොර බවට සහතික කළ ගණකාධිකරණ ආයතන විසින් මෙම සමාගම් ඉහළ ලාභයක් ලබනු ඇති බව පුරෝකථනය කළේය. පාලකයන් නියාමකයන් සහ වෘත්තීකයන්ගේ නොසැලකිල්ල, වංචනික බව සහ මිත‍්‍ර සංග‍්‍රහ හේතුවෙන් එහි අවසන් අනිටු ඵලය විඳින්නට සිදුවූයේ මේ රටේ මහජනතාවටය. ඉතිරි කිරීමේ බැංකු ගනුදෙනුව මේ අවලස්සන පාලන ක‍්‍රමයෙ එක් අවස්ථාවක් පමණි. මේ ක‍්‍රමයෙහි පවතින අනෙක් ඓශ්චර්යාත්මක ප‍්‍රපංචය වන්නේ වරදක් කළත් වරදකරුවන් සොයා ගැනීමට නොහැකිවීමය.
තිළිණ සමරසිංහ
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.