උතුරු-නැගෙනහිර පළාත්, කෘෂි කර්මාන්තයට ඉතාමත් යෝග්‍ය ප්‍රදේශ වන අතර යුද්ධය අවසන් කිරීමෙන් පසුව නැවතත් එම ප්‍රදේශවල ජනතාව සුපුරුදු කෘෂි කර්මාන්තයට එළඹ තිබේ.
බ්‍රවුන්ස් සමාගමේ කෘෂි කාර්මික අංශයේ ප්‍රධානී පණ්ඩුක වීරසිංහ සඳහන් කළේ TAFE වෙළඳ නාමය යටතේ විකුණන ට්‍රැක්ටර් වලින් සියයට 35 ක් පමණ උතුරු පළාතේ විකිණීමට සැලසුම් කර තිබෙන බවයි.
උතුරු ඇමරිකාව පදනම් කරගත් Massey Ferguson ට්රැක්ටර්ද සමාගම විසින් මෙරට අලෙවි කරන අතර මෙරට ට්‍රැක්ටර් අලෙවි වෙළඳ පොළින් සියයට 60 ක පමණ ප්‍රමාණයක් සතු වන්නේ බ්‍රවුන්ස් සමාගමටයි.
TAFE ට්‍රැක්ටරයක් රුපියල් මිලියන 1.289 ක මිලක් ගන්නා අතර බ්‍රවුන්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග එක්ව ඉදිරි මාස හය තුළදී මිලදී ගන්නා ට්‍රැක්ටර් සඳහා නොමිලේ රක්ෂණ පහසුකමක්ද පිරිනැමීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක මොහාන් ද අල්විස් පැවසුවේ කෘෂි කාර්මික පළාත්වල සිය රක්ෂණ කටයුතු තවත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙරට විකුණන ට්‍රැක්ටර් වලින් සියයට 95 ක් පමණ ගොවීන් මිලදී ගන්නා අතර සුළු ප්‍රමාණයක් ඉදිකිරීම් කර්මාන්තයට මිලදී ගනී.
vimasuma.lk
Last edited by CSE1 on Sun Jul 31, 2011 10:31 am; edited 1 time in total (Reason for editing : forget refer link)