මහා පරිමාණයෙන් බදු ඉහළ දැමීම නිසා දැන් වාහනයක් මිලදී ගැනීම අසීරු කටයුත්තකි. මේ බව පසක් කරමින් 2012 දෙසැම්බර් මාසයේදී මෙරට වාහන ලියාපදිංචිය දැවැන්තව පහළ වැටුණු ආකාරය අනාවරණය වේ.
ජේ.බී. සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම සමීක්ෂණ වාර්තාවක් මගින් මේ කරුණු දක්වා තිබෙන අතර පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට වාහන ලියාපදිංචිය සියයට 44.8 කින් අඩුවී වාහන 25,308 ක් ලියාපදිංචි වී ඇත.
මේ අනුව, මරුටි සහ සුසුකි මෝටර් රථ ලියාපදිංචිය සියයට 64 කින් අඩුවෙද්දී සුපිරි BMW මෝටර් රථ ලියාපදිංචිය සියයට 161 කින් වර්ධනය වී තිබීම කැපී පෙනේ.
දෙසැම්බර් මාසයේදී අළුත් මෝටර් රථ ලියාපදිංචිය 2011 දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 54 කින් අඩුවී අළුතින් ලියාපදිංචි වී තිබෙන මෝටර් රථ ප්රමාණය1,464 ක්වූ නමුත් අඩුම ප්රමාණය වූ සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ 1,073 කට වඩා වැඩි ප්රමාණයකි.
2012 දෙසැම්බර් මාසයේදී ත්රි රෝද රථ ලියාපදිංචිය සියයට 44 කින් අඩුවී 7000 ක් ලියාපදිංචි වී තිබෙන අතර කුඩා අත් ට්රැක්ටර් අලෙවිය සියයට 56 කින් අඩුවී 886 ක්වී ඇත.
මීට අමතරව, කුඩා සැහැල්ලු ට්රක් ලියාපදිංචිය දෙසැම්බර් මාසයේදී සියයට 06 කින් අඩුවී 1,780 ක්වී තිබේ.
දෙසැම්බර් මාසයේදී අලෙවි වී තිබෙන මරුටි හා සුසුකි නව මෝටර් රථ ප්රමාණය සියයට 64 කින් අඩුවී 267 ක්වී තිබෙන අතර අලෙවි වී තිබෙන නව බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ ප්රමාණය සියයට 161 කින් වර්ධනය වී 55 ක්වී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1010272353