මේ වසරේ මැයි මාසය දක්වා ලංකාවට පැමිණ තිබෙන සෘජු විදේශීය ආයෝජන පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුව හෙළිදරව් කර තිබේ.
මේ අනුව, මහ බැංකුව පවසා තිබෙන්නේ මැයි දක්වා ඩොලර් මිලියන 437 ක සෘජු විදේශීය ආයෝජන ලංකාවට ගලා ආ බවයි.
මින් ඩොලර් මිලියන 187 ක් කොටස් වෙළඳ පොළේ ආයෝජන සඳහා පැමිණ තිබෙන බව වැඩිදුරටත් අනාවරණය වේ.
පොලී අනුපාතය ඉහළ යාම හමුවේ කොටස් වෙළඳ පොළ මේ වසරේ පහළ යාමක් පෙන්නුම් කළ අතර 2011 දී ලංකාව හැර ගිය විදේශීය ආයෝජකයින් දැන් යළිත් කොළඹ කොටස් වෙළඳ පොළට පැමිණෙමින් සිටී.
මේ අනුව, මේ වසරේ මුල් මාස හය තුළදී විදේශීය ආයෝජකයින් ඩොලර් මිලියන 186.5 ක් වටිනා කොටස් මිලදීගෙන තිබෙන අතර පසුගිය වසරේදී විදේශීය ආයෝජකයින් ඩොලර් මිලියන 66.8 ක් වටිනා කොටස් විකුණා දැමීය.
2011 දී ඩොලරයක මිල රුපියල් 110 ක් පමණ වූ අතර මේ වනවිට තිබෙන්නේ රුපියල් 130 ක පමණ මට්ටමකයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1063367270