ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ විවිධාංගීකරණයේ ප්‍රමුඛයා වශයෙන් සී.අයි.සී කෘෂි ව්‍යාපාරය තම රට තුළදී සිදුකරනු ලබන සේවාව ඒ ආකාරයෙන්ම බංගලදේශය තුළදී ද පවත්වාගෙන යාමට අදහස් කරයි. එහිදී පොහොර, බීජ වර්ග සහ රෝපණ ද්‍රව්‍ය, බිත්තර වී, කෘෂි රසායන ආදි කෘෂි යෙදවුම් එම ආයතනය හරහා බංගලාදේශයට අපනයනය කිරීමටත් අප රටට අවශ්‍ය නවීන යෙදවුම් හුවමාරු කිරීමටත් මෙම ආයතන දෙක බැඳී ඇත.
මෙම කර්තව්‍යය තුළදී මුල්‍ය ධනයට අමතරව, මානව සම්පත් කළමනාකරණය හා තාක්ෂණ යෙදවුම් වර්ධනය කිරීමට සී.අයි.සී කෘෂි ව්‍යාපාරය බලාපොරොත්තුවේ. මේ පිළිබඳව වන ගිවිසුම පසුගියදා බංගලාදේශයේ දී අත්සන් තබන ලදී. සී.අයි.සී. සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි / කළමනාකාර අධ්‍යක්ෂක සමන්ත රණතුංග මහතාත්, සී.අයි.සී කෘෂි ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරි කීර්ති කොටගම මහතා සහ රහිමාෆ්රූස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක නියාස් රහීම් මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ද මෙම ගිවිසුම්ගත
කිරීමට සහභාගිවිය.
http://www.dinamina.lk