ජෝන් කීල්ස් සමාගම, Phoenix Ventures Limited සමාගම සමග එකතුවී ඩොලර් මිලියන 6.8 ක ආයෝජනයකින් දේශීය ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සූදානම් වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැරුණු විට දේශීය ගුවන් ගමන් ආරම්භ කිරීමට යන දෙවන ව්‍යාපෘතිය මෙය වන අතර නව සමාගම Saffron Aviation (Pvt) Ltd ලෙස නම්කර තිබේ.
ආරම්භයේදී නම දෙනෙකුට ගමන් කළ හැකි Cessna 208 Caravan Amphibian වර්ගයේ ගුවන් යානා දෙකක් හා දොලොස් දෙනෙකුට ගමන් කළ හැකි Cessna 208B Grand Caravan වර්ගයේ ගුවන් යානයකින් යානා ඇණිය සමන්විත වනබව සඳහන්ය.
“සිනමන් එයාර්“ යන වෙළද නාමය යටතේ මෙම දේශීය ගුවන් සේවය ආරම්භ වන අතර බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සිට මෙරට ප්‍රධාන සංචාරක ස්ථාන වෙත සංචාරකයින් රැගෙන යාමට ඉලක්ක කර ඇත.
මේ වසරේ අවසන් කාර්තුවේදී මෙම ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සැලසුමයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=451242000