ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයේ නිව් යෝර්ක් ශාඛාවේ ගෝලීය යටිතල පහසුකම් හා ව්‍යාපෘති මූල්‍යන අංශයේ අධ්‍යක්ෂිකා Cynthia Howells මහත්මිය කොළඹදී පැවැත්වූ දේශනයකදී මේ බව පැවසූ අතර ඇය කියා සිටියේ රජයට සෑම යටිතල පහසුකම් ව්‍යාපෘතියක්ම මූල්‍යනය කිරීම අපහසු බවයි.
ශ්‍රී ලංකාව තුළ තිබෙන ආකර්ශනීය යටිතල පහසුකම් ආයෝජන අවස්ථාවන් සඳහා දේශීය හා විදේශීය පුද්ගලික ප්රාග්ධනය කැඳවා ගැනීමේ හැකියාව තිබෙන බවත් එමගින් ආර්ථික වර්ධනය ඇතිකර ගත හැකි බවත් ඇය සඳහන් කළාය.
රටක යටිතල පහසුකම් නවීකරණය කිරීමේ මූලික අදියරේදී ණය ගෙන ඒවා මූල්‍යනය කිරීම සමහර විට ලාභදායී වුවත් ඊළඟ අදියරේදී පුද්ගලික අංශයේ මූල්‍යන කටයුතු අවශ්‍ය විය හැකිබව ඇය මෙම දේශනයේදී පෙන්වා දුන්නාය.
“ගෝලීය අත්දැකීම තමයි, රජයට මේ සියළු දේ තනිවම කරන්න බැරි බව.“
සෛවරීත්ව ණය ශ්‍රේණිගත කිරීමක් මගින් ආවරණය නොකරන්නේ නම් දැඩි මූල්‍ය අවධානමක් පැවතීම මෙවැනි මූල්‍යන ආකෘතියක තිබෙන ප්‍රධාන අවාසියක් ලෙස ඇය පෙන්වා දෙයි.
ෆිච් අත්දැකීමට අනුව යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් පුද්ගලික අරමුදල් ලබාගැනීමට ආයෝජන මට්ටමේ ණය ශ්‍රේණියක් අවශ්‍ය විය හැකි අතර එසේ නොමැති විට ඒවාට පුද්ගලික ආයෝජන කැඳවීම අපහසු බව ඇය සඳහන් කළාය.
ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති විශාල වශයෙන් සිදුවන යුගයක මෙරට ෆිච් රේටින්ග්ස් ශාඛාවේ යටිතල පහසුකම් විශ්ලේෂකයෙකු නොමැති යැයි ඇය පෙන්වා දුන්නේ එහි වැදගත්කම මතු කරමිනි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1877342679