2009 වසරේ සිට වාණිජ බැංකු විසින් මෙරට පුද්ගලික අංශයට ලබාදුන් අඩුම ණය මුදල ලෙස සටහන් වෙමින් 2012 සැප්තැම්බර් මාසයේදී වාණිජ බැංකු විසින් මෙරට පුද්ගලික අංශයට ලබාදුන් ණය මුදල රුපියල් බිලියන 9.8 ක් දක්වා පහත වැටේ.
ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වලින් මේ බව අනාවරණය වන අතර මෙහිදී වඩාත් හෙළි වන්නේ රුපියල අවප්රමාණය වීම හමුවේ ඩොලර් ණය ගැනීම රුපියල් ණය ගැනීමට වඩා බොහෝ සෙයින් අඩුවී තිබෙන බවයි.
2012 සැප්තැම්බර් මාසයේදී පුද්ගලික අංශය ලබාගත් ණය සියයට 25.5 කින් ගිය වසරේ අදාළ කාලයට වඩා වැඩිවී තිබෙන අතර ඒ දක්වා ලබාගෙන තිබෙන සමස්ත ණය ප්රමාණය රුපියල් බිලියන 2,294.9 කි.
පසුගිය අගෝස්තු මාසයේදී වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට ලබාදුන් ණය මුදල 2011 අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 28.7 කින් වර්ධනය වී තිබුණි.
ගෙවුණු සැප්තැම්බර් මාසයේදී රුපියල් ණය 2011 අදාළ කාලයට සාපේක්ෂව සියයට 28.2 කින් ඉහළ ගොස් රුපියල් ණයවල සමස්ත වටිනාකම බිලියන 2,112.6 ක් වෙද්දී ලබාදුන් අළුත් ණය රුපියල් බිලියන 29.30 කින් වැඩිවී ඇත.
කෙසේවෙතත්, ඩොලර් ණය අඩුවී තිබෙන අතර (රුපියල් බිලියන 19.5 ක් වටිනා ඩොලර් ණය අඩුවී ඇත) සමස්ත ඩොලර් ණය ප්රමාණයේ වටිනාකම රුපියල් බිලියන 182.3 ක්වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2000414185