මේ අනුව මේ වසරේ මුල් මාස 09 තුල ලබා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 4.6 ක් වන අතර මෙය පසුගිය වසර එම කාලයට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයකි.
ගතවු කාර්තුවේ රුපියල් බිලියන 17 ක ආදායමක් ඩයලොග් සමුහය උපයා ඇත.මේ අනුව මේ වසරේ මුල් මාස 09 තුල ඩයලොග් ලබා ඇති මුළු ආදායම රුපියල් බිලියන 50 කි.මෙය පසුගිය වසරේ මෙම කාලය හා සාපේක්ෂව සියයට 06 ක වර්ධනයක් බව කියයි.
මිලියන 09 කට අධික ඩයලොග් දුරකතන ග්රාහක පිරිස රුපියල් බිලියන 14.7 ක ආදායමක් මෙයට ගත වු කාර්තුවේ එක් කර ඇත.
ඩයලොග් රූපවාහිණි ග්රාහක පිරිසද ගත වු කාර්තුවේ ඊට පෙර කාර්තුවට සාපේක්ෂව සියයට 36 කින් ඉහළ යමින් 410,000 දක්වා වර්ධනය වි ඇත.මොවුන් ගත වු මාස 09 තුල ලබා දුන් ආදායම රුපියල් බිලියන 3.4 කි.මෙහි ලාභ ගත වු මාස 09 තුල රුපියල් මිලියන 252 දක්වා වර්ධනය වි ඇත්තේ එයට පෙර මාස 09 වු රුපියල් මිලියන 19 ක පාඩුවත් මකා ගනිමිනි.
DIAL - 3Q2014 results and PR
http://www.cse.lk/cmt/upload_report_file/389_1415180565848.pdf
PR : http://www.cse.lk/cmt/upload_report_file/389_1415180632419.pdf