සමාගමට අයත් ඉඩමක වර්ග අඩි 200,000 ක ඉඩ පහසුකම් සහිතව ගොඩනගන මෙම ගොඩනැගිල්ලේ කාර්යාල පිහිටුවීමේ ඉඩ පහසුකම්, විනෝදාස්වාද ස්ථාන, සම්මන්ත්රණ ඉඩ පහසුකම්, අවන්හල් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මෙහි, මෝටර් රථ 200 කට වැඩි ප්‍රමාණයක් නවතා තැබීමට හැකි වාහන අංගනයක්ද ගොඩ නගන බව සමාගම සඳහන් කර ඇත.
රේණුක හෝල්ඩින්ග්ස් යනු කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගම් සමූහයක් වන අතර කෘෂි ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම, FMCG, ඇතුළු අංශ කෙරෙහි සිය ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කර තිබේ.
අදියර දෙකකින් යුතු මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර තිබෙන ආයෝජනය රුපියල් බිලියන 3.2 ක් වන අතර මින් රුපියල් බිලියන 1.03 ක මුදල් සම්පාදනය කර ගන්නේ සමාගම විසින් මේ වනවිට සිදුකරමින් තිබෙන හිමිකම් නිකුතුව (rights issue) මගිනි.
මෙම ව්‍යාපෘතිය 2015 වසරේදී ආරම්භ කර 2018 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත.