මේ වසරේ මුල් මාස පහ තුළදී කොළඹ වරායේ බහාලුම් හැසිරවීම සියයට 1.8 කින් අඩි විස්සේ බහාලුම් මිලියන 1.718 ක් දක්වා පහළ බසී.
කෙසේවෙතත්, රජයේ නිළ දත්ත වලින් පෙනී යන්නේ ගෙවුණු මැයි මාසයේදී ප්‍රති- අපනයන කෙමෙන් යථා තත්ත්වයට පත්ව තිබෙන බවයි.
මේ අනුව, මැයි මාසයේදී ප්‍රති- අපනයන බහාලුම් ප්‍රමාණය සියයට 9.8 කින් ඉහළ ගොස් 266,668 ක්වී ඇත. අප්‍රේල් මාසයේදී ප්‍රති- අපනයනවල තිබුණේ පහළ බසින ප්රවණතාවයකි.
කෙසේවෙතත්, මේ වසරේ මුල් මාස පහ තුළදී ප්‍රති- අපනයන බහාලුම් ප්‍රමාණයේ තවමත් සියයට 5.1 ක පහළ බැසීමක් වාර්තා කර තිබෙන අතර සමස්ත ප්‍රමාණය මිලියන 1.237 කි.
මහ බැංකු දත්ත වලට අනුව දේශීය බහාලුම් ප්‍රමාණය සියයට 3.8 කින් බහාලුම් 81,866 ක් දක්වා මැයි මාසයේදී පහළ ගොස් තිබෙන අතර පොලී අනුපාතය ඉහළ යාම හා රුපියල අවප්‍රමාණය වීම නිසා 2012 වසරේදී මෙරට විදේශ වෙළඳාම් කටයුතු යම් මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කර තිබේ.
2012 මැයි මාසයේදී කොළඹ වරායට නැව් 342 ක් පැමිණ තිබෙන අතර ගිය වසරේ මැයි මාසයේදී පැමිණ තිබෙන නැව් ප්‍රමාණය 361 කි.
මීට අමතරව, මේ වසරේ මුල් මාස පහ තුළ කොළඹ වරායට නැව් 1715 ක් පැමිණ තිබෙන බවත් ගිය වසරේ අදාළ කාලයේදී නැව් 1794 ක් පැමිණ තිබෙන බවත් අදාළ දත්ත අනාවරණය කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=130267954