අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ ගිය අතර මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 17 කින් පහළ ගොස් සියයට 10.41 ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 12 කින් පහළ ගොස් සියයට 9.63 ක් වෙද්දී අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 11.25 ක්වූ බවයි.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 20 ක් වටිනා කල් පිරෙන බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන අතර රුපියල් බිලියන 18.55 ක් වටිනා ලංසු පිළිගෙන තිබේ.
මේ අතර, ඩොලර් ගලාඒම නිසා මුදල් වෙළඳ පොළවල් තුළ අතිරික්ත ද්‍රවශීලතාවයක් ගොඩ නැගී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකු පොලී අනුපාතය ජනවාරි මාසයේදී වෙනස් නොකළේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1057642192