බ්‍රෝකර් සමාගම්වල නියෝජිතයන්ගේ කාර්ය භාරය කුමක්ද ? කොමිස් මුදල් ලබාගැනීම හා ණය ලබා දී පොලිය එකතු කිරීමද ? කොටසක් අසාමාන්‍ය ලෙස මිල ඉහල යන විට තම ගනදෙනු කරුවන්ට එම කොටස් ලබා ගැනීම ඔවුන් නිරිදේශ නොකළේද ? .අදත් 90% වඩා තම තැරව් කරුවන්ගේ කීම පිළිගනී . මුල්‍ය පර්යේෂණ හරි හැටි සිදුවන්නේද ? මේවයේ සේවය කරන අය මිනිසුන්ගේ මුදල් කළමනාකරණය කිරීමට සුදුසු අයද ?මේවා ගැන කිසි නියාමනයක් නොමැති වීම ප්‍රශ්න රැසකට මුලය . sec මගින් මීට වඩා ආරක්ෂාවක් තමන්ට ලැබේ කියා නවකයන් සිතුවා නිසැකය .නැත්නම් නොදන්නා මගුලක තම වටිනා ධනය ගිහින් දමන්නේ නැත . මෙය ඉතාම සංවේදී කාරණයකි .රුපියල් දහයක් හොරකම් කරත් දඩුවම් කෙරෙන අවස්ථා ඇත .(සමහර රාජ්‍ය හා පුද්ගලික අංශවල ). නමුත් මෙහි බිලියන ගණන් වංචා වී නම් ඒවා මතුවට හෝ නොවීමට ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද? කොටස් වෙළදපොල අවදානම වැඩි ආයෝජන මාර්ගයක් බව නොදන්නා කෙනෙක් නැත .අවදානම එකකි .හොර මගඩි ඊට හාත්පසින් වෙනස් දෙයකි . ඒ නිසා "අපි කිවනේ මේක අවදානම් කියල ,දැක්ක නේද කියා" ගැලවීයාමට එම ආයතනවලට නුපුළුවන . price band අවශ්‍ය විටම අතුරුදහන් විය . මේක හරියට බිම් බෝම්බ ඉවත් නොකර මිනිස්සු පදිංචි කලාට දෙවැනි නැත .dow තියරි ,pe රෙශෝ ආදිය වැඩි දෙන නොදනිති .මෙම ආයතන පෙනී සිටිය යුත්තේ එම කොටස් වෙනුවෙනි .මේ තත්වය තුල සාමාන්‍ය ජනතාවට මෙහි ආයෝජනය කරන ලෙස නැවත ආරාධනා කල හැකිද ? ආයෝජකයන් කල වරද මෙම ආයතන පුර්ණ ලෙස විශ්වාස කිරීමය .පාඩු ලැබුනට කමක් නැත .වෙළදපොල එසේය .ලබා පාඩු සිදුවේ .නමුත් නැත්තටම නැතිවීම සුදු පිටියක ස්වභාවය වේ . මෙහි පරාසය පාලනය සිදු නොවූ බව පැහැදිලිය.මෙය මට පෙනෙන හැටිය please note that this is not a negative aspect .
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com