අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ ගිය අතර මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 21 කින් සියයට 12.91 ක් දක්වා පහළ ගියේ වඩාත්ම පහළ යාම පෙන්නුම් කරමිනි.
මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 03 කින් සියයට 11.41 ක් දක්වාත්, අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 06 කින් පහළ ගොස් සියයට 13.30 ක් දක්වාත් අඩුවී ඇත.
රුපියල් බිලියන 1.1 ක් වටිනා මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 5.5 ක් වටිනා මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියනයක් වටිනා අවුරුද්දේ බිල්පත්ද විකුණා තිබේ.
විදේශ විනිමය වෙළඳ පොළේ ඩොලරයක මිල රුපියල් 131.60/70 ක්වූ අතර අද ගනුදෙනු ආරම්භ වූයේ ඩොලරයක මිල රුපියල් 131.90/132.10 ක මට්ටමක විය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=480923020