මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ කෙටි කාලීන බිල්පත් පොලී අනුපාත පහළ යනු දක්නට ලැබුණි.
මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 11.35 ක් වෙද්දී මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 06 කින් පහළ ගොස් සියයට 12.85 ක් විය.
මේ අතර, මාස 12 බිල්පත් පොලිය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 13.15 ක්වී ඇත.
එසේම, 2014 අප්‍රේල් 01 වනදා කල් පිරෙන වසර දෙකේ බැඳුම්කර පොලිය සියයට 13.72/80 කද 2012 ජූලි 15 වනදා කල් පිරෙන වසර දෙකේ බැඳුම්කර පොලිය සියයට 13.80/90 ක මට්ටමකද විය.
මේ අතර, 2016 අප්‍රේල් 01 වනදා කල් පිරෙන බැඳුම්කරයේ පොලී අනුපාතය සියයට14.08/15 ක්වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=226477762