තමන් විසින් මෙතෙක් දිනාගන්නා ලද කීර්තිනාමය තවදුරටත් වර්ධනය කරමින් මෙලෙස සිය නව ශාඛා ජාලය ව්‍යාප්ත කරන ලද්දේ අම්පාර, කුලියාපිටිය, මහරගම, මාතර, පුත්තලම හා වෙන්නප්පුව යන නගර කේන්ද්‍ර කර ගනිමිනි. දිවයින පුරා විසිරී සිටින සිය ගනුදෙනුකරුවන්හට ඉතා පහසුවෙන් හා අනර්ඝ තත්ත්වයේ සේවාවක් ලබා ගත හැකි ආකාරයෙන් සිය ශාඛා ජාලය පුළුල් කිරීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පියවර ගනු ලැබීය.
කොමර්ෂල් ක්‍රෙඩිට් හි ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් එගොඩගේ මහතා මෙම නව ශාඛා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. "මෙම නව පුළුල් වීමත් සමඟම වසර තුනක් වැනි කෙටි කාලයක් තුල දී දිවයින පුරා පිහිටුවා ඇති කොමර්ෂල් ක්‍රෙඩිට් ශාඛා හා සේවා මධ්‍යස්ථාන ගණන 27 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. කෙටිකාලයක් ඇතුළත මෙවැනි ආකාරයේ වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකිවීම සැබැවින්ම අපගේ සාර්ථකත්වය කියාපාන්නක් වනවා."
"මෙම නගර හා තදාසන්න ප්‍රදේශවල ජනතාව වෙත පරිපූර්ණ සේවාවක් ලබා දීම වෙනුවෙන් අප මේ වන විට සැදී පැහැදී සිටිනවා. අප විසින් සලසන සේවාවන් අතරට ස්ථාවර තැන්පතු, ලීසිං, කුළී සින්නක්කර, රන් ණය, දේපළ වෙළඳාම්, පුද්ගලික ණය, අධ්‍යාපනික ණය හා ක්ෂුද්‍ර මූල්‍ය ණය යනාදිය ඇතුළත් වෙනවා"යැයි ඔහු වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.
රොෂාන් එගොඩගේ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ කි‍්‍රයාත්මක කොමර්ෂල් ක්‍රෙඩිට් හි කාර්ය මණ්ඩලයෙහි වඩාත් ජ්‍යෙෂ්ඨතම කළමනාකරුවන්ගේ සිට වඩාත් කණිෂ්ඨ සාමාජිකයින් දක්වා ඉතා දක්ෂ මෙන්ම කැපවීමෙන් කාර්යයෙහි නිරත පිරිසකගෙන් සමන්විත වේ. ඔවුන් සියලූ දෙනාගෙන්ම සමාගමේ සාර්ථකත්වයට ලැබෙනුයේ විශිෂ්ට දායකත්වයකි.
කොමර්ෂල් ක්‍රෙඩිට් අද වන විට ලබා ඇති සාර්ථකත්වය නිසාම සමස්ත මූල්‍ය ක්ෂේත්රය තුළ සෑම දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වී තිබේ. ගෙවී ගිය මාස 12 ක කාල සීමාව තුළ දී සමාගමේ ස්ථාවර තැන්පතු පදනම 75% කින් වර්ධනය වීම තුලින් ම පැහැදිලි වන්නේ කොමර්ෂල් ක්‍රෙඩිට් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ විශ්වාසය කොතරම් දුරකට දිනාගෙන ඇතිද යන වගයි.
"මෙම සාර්ථකත්වය",පිළිබඳ අදහස් දක්වමින් එගොඩගේ මහතා සඳහන් කරනුයේ, "එය ක්ෂණිකව ලබා ගත්තක් නොව, අභියෝගවලට මුහුණ දෙමින් කාර්යක්ෂම ලෙස අරමුණු කරා යමින් සමාගමේ වටිනාකම් හා අනුගත වෙමින් ළඟා කරගනු ලැබූ ජයග්‍රහණයක්. එමෙන්ම ක්ෂේත්රයේ ඉහළම කාර්යසාධනයක් හා සේවා මට්ටමක් පවත්වා ගෙන යාමට ද සමාගම සමත් වී තිබෙනවා"යන්නයි.
දිවයින පුරා ප්‍රදේශ 27 කදී මේ වන විට සිය ශාඛා හා සේවා මධ්‍යස්ථාන ව්‍යාප්ත කර ඇති කොමර්ෂල් ක්‍රෙඩිට් නුදුරු අනාගතයේදීම මෙරට මූල්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛයා වීමේ අරමුණ ඇතිව සිය අනාගත සැලසුම් මේ වන විටත් ක්‍රමයෙන් දියත් කරමින් සිටී.
http://sinhala.adaderana.lk/news.php?nid=27749