කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් මිලියන 500 ක මුදලක් රැස්කර ගැනීමට බැඳුම්කර නිකුතුවක් කිරීමට සූදානම් වන අතර මෙම බැඳුම්කර කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කෙරේ.
කොළඹ කොටස් වෙළඳ පොළ පවසා තිබෙන්නේ සමාගමට මිලියන 2.5 ක අනිකුත් ණයකර වලට වඩා පහළ මට්ටමක ශ්‍රේණිගත කර ඇති ඇප නැති ණයකර (unsecured, subordinated debentures) විකිණීම සඳහා අවසර ලබාදී තිබෙන බවයි.
පළමු නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් මිලියන 2.5 ක ණයකර නිකුත් කිරීමේ අවසරය ඇත.
මෙම නිකුතුවට අදාළ විකිණීම් කටයුතු ජනවාරි 23 වනදා ආරම්භ වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=374650232