මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත ඉහළ ගිය අතර මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 05 කින් ඉහළ ගොස් සියයට 10.79 ක්වූ බව මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව කියයි.
මේ අනුව, මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 02 කින් ඉහළ ගොස් සියයට 12.09 ක් වෙද්දී අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 04 කින් ඉහළ ගොස් සියයට 12.85 ක්වී ඇත.
රුපියල් බිලියන 18 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙන අතර රුපියල් බිලියන 23 ක් වටිනා ලංසු වෙළඳ පොළින් පිළිගෙන තිබේ.
රුපියල් බිලියන 3.6 ක මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 11.5 ක මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 8.4 ක අවුරුද්දේ බිල්පත්ද රජය මේ සතියේදී විකුණා ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1694267972