සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්රාම අරමුදල් වලට ලයිස්තුගත කොටස්වල හා ණයකරවල සියයට 20 ක් දක්වා මුදල් ආයෝජනය කිරීමට හැකිවන පරිදි සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිය රෙගුලාසි ලිහිල් කර තිබේ.
මේ අනුව, විශ්රාම අරමුදල් වලට ලයිස්තු ගත සුරැකුම් පත්වල සියයට 20 ක් දක්වාද රාජ්ය බැංකුවල හා රාජ්ය සුරැකුම් පත්වල සියයට 40 ක් දක්වාද ආයෝජනය කළ හැකි අතර ඉතිරිය අනිකුත් වාණිජ බැංකු තැන්පතු ලෙස තබාගත හැකිය.
මීට පෙර තිබූ රෙගුලාසිය වූයේ විශ්රාම අරමුදල් රජයේ සුරැකුම් පත්වල හා තෝරාගත් රාජ්ය බැංකුවල සියයට 50 ක් දක්වා මුදල් ආයෝජනය කළ යුතු බවයි. එහිදී, කොටස් ආයෝජනය පිළිබඳව සඳහනක් නොවුණි.
සේවක අර්ථ සාධක අරමුදල විසින් බංකොලොත් සමාගම්වල කොටස් මිලදී ගනිමින් එහි තැන්පතු කරුවන්ගේ මුදල් අනතුරේ හෙළා තිබෙන බවට දැඩි චෝදනාවක්ද මේ වනවිට එල්ල වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=340710687