මන්දගාමී වී ඇති පාරිභෝගික වියදමත් 2013 අයවැය යෝජනාත් හමුවේ සිය ඉදිරි ගමන ගැන සලකා බැලීමක් කරන බව මෙරට විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලය පවත්වාගෙන යන කාර්ගීල්ස් සමාගම පවසා ඇත.
2012 වසරේදී උද්ධමනය ඉහළ ගිය අතර ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණය වීම නිසා ආනයන භාණ්ඩවල මිල ගණන්ද ඉහළ නැගුණි. මීට අමතරව, රජය විසින් 2013 අයවැය මගින් සුපිරි වෙළඳ සැල් මත බදු පැනවීමක්ද සිදු කළේය.
මෙවැනි වාතාවරණයක් තුළ කාර්ගීල්ස් විසින් කොළඹ කොටස් වෙළඳ පොළ තුළින් සිය කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන්නේ සිල්ලර අංශයේ ගනුදෙනු වර්ධනය බලාපොරොත්තු වූවාට වඩා අඩු බවත් වෙළඳ නාමකරණය කරන ලද FMCG භාණ්ඩ පරිභෝජනය අඛණ්ඩ අඩු වෙමින් තිබෙන බවයි.
මෙම ප්රවණතාවය ග්රාමීය ප්රදේශ වලට වඩා නාගරික ප්රදේශවල බහුල බව කාර්ගීල්ස් වැඩිදුරටත් පවසා තිබේ.
මෙවැනි කරුණු හා සාර්ව ආර්ථික බලපෑම් හමුවේ සිය අනාගතය හා පුළුල් කිරීමේ සැලසුම් පිළිබඳව සලකා බැලීමක් සිදුකිරීමට සිදුව ඇතැයි මෙහිදී කාර්ගීල්ස් පවසා ඇත.
2012 සැප්තැම්බර් වලින් අවසන් වන කාර්තුවේදී කාර්ගීල්ස් ලාභය ගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 63 කින් පහළ ගොස් රුපියල් මිලියන 81 ක්වී තිබෙන අතර සමාගම් සමූහයේ ආදායම සියයට 15 කින් වර්ධනය වී රුපියල් බිලියන 13.7 ක්වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1988330726